
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් දොළහක නියෝජිතයන්ට ආරාධනා කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙසේ ආරාධනා කර ඇත්තේ ඉන්දියාව නේපාලය බංගලාදේශය පකිස්ථානය සහ මාලදිවයින ඇතුළු රටවල් දොළහකටය.
ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයෝ පිරිසක්ද දිවයිනට පැමිණ සිටිති.
මෙයට අමතරව ජනාධිපතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයන් පිරිසක්ද දිවයිනට පැමිණීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
එම සංවිධාන කළ ඉල්ලීමකට අනුව මැතිවරණ නිරීක්ෂණයට මෙසේ අවසර දුන් බව මැතිවරණ කොමිසම පවසයි.
මෙම සංවිධාන මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව විශේෂ වාර්තා ලබාදීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.