අරගල හානි වල වන්දි ඉක්මනින් ගෙවන්න නියෝග
අරගලකරුවන් විසින් 2022 මැයි 09 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළව වන්දි ගෙවීම් කඩිනමි කරන ලෙසට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා හානි පූර්ණ කාර්යාලයට හා තක්සේරු දෙපාර්තමේන්තුවට අද (27) උපදෙස් දුන්නේය.