IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ශ්‍රීලනිපයේ පිරිසක් ජනපති ලඟට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් ඇතුළු ප්‍රබලයෝ රැසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා⁣ට සහය පළ කිරීම සඳහා එක් වූහ.

කළුතර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය ඇමැතිනී කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ප්‍රියංගනී අබේවීර, ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, එස්.ඩී. බන්ඩාරනායකගේ මුණුපුරු, පණ්ඩු බන්ඩාරනායක මහතාගේ පුත් ප්‍රවීන් ඩයස් බණ්ඩාරනායක, කොලොන්න ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ශාන්ත රත්නායක, රක්වාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක උපාලි චන්ද්‍රසේන, අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක අනුර මුණසිංහ, දෙනියාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක සාගර සුරේන් එදිරිවීර, පොතුවිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක විජයමුනි නිපුන සොයිසා, කැළනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තිලක් වරාගොඩ, ලග්ගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක අසිත වෑගොඩපොල, ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක චමිල ද සිල්වා යන මහත්ම මහත්මීහූ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත අද (26) පෙරවරුවේ පැමිණ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කළහ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 



අදහස් (4)

ශ්‍රීලනිපයේ පිරිසක් ජනපති ලඟට

ගමේ එකාලා Monday, 26 August 2024 03:46 PM

එල්ලෙන්ඩ තියෙන්නේ පින් ජනපතිගේ හරි සජිත්ගේ කරේ හරි තමා. පොහොට්ටුවේ පෙති හැලීලා?

:       0       1

Kazi Shajahan Monday, 26 August 2024 04:24 PM

තවත් අපිව කන්න එනවා රනිල් පස්සෙන් ගිහිල්ලා...

:       14       20

රනේ Monday, 26 August 2024 04:44 PM

මේක නම් කාලගුණික විපර්යාසයක් තමයි. ටික දවසයි...

:       12       23

saman Tuesday, 27 August 2024 07:14 AM

කලුතර හිටපු මන්ත්‍රී ප්‍රියන්ගනී අබේවීර​? මන්ත්‍රී කමින් පැරදුනාම සලුසල භාර දුන්නා. ඒක නැති කරේ මෙයයි මෙයාගෙ මහත්තයයි. හිටපු ඇමත් කෙනෙක්ගේ නෝනවත් රවට්ටලා පිටරට රස්සා දෙන්න මිනිසුන් ගෙන් සල්ලි එකතුකෙරෙව්වා. ඒවා අරන් උන්ව මැලේසියා වනතුරු ඇරලා අතරමන් කරා. මෙයා මග ඇරියා. මහින්දලා අන්තිමට මුකුත් දුන්නේ නෑනේ. ඒ නිසා තව මොනව හරි ගන්න ඔය එන්න ඇත්තේ, ජන්ම ගති තමයි. තාත්තා ඉස්සරම කාලේ හාල් පොත් ගහලා අහුවුනා. ඒ ගති දුවටත් පිහිටලා. හොඳයි හොඳයි, කලුතර අය ඡන්දයම දෙයි. දැන් මෙයයි රත්තරන් මහත්තයයි දෙන්නම ඉන්නවනේ රනිල්ගේ තියන ඡන්ද ටිකත් නැතිවෙලා ඉවර වෙන්නේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site