
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක අද පැවති ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවට සහභාගිවු ආරාධිතයන් සදහා සුදානම් කොට තිබු රාත්‍රි භෝජන සංග්‍රහය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තහනම් කිරිමට පියවර ගත්තේය.
අනුරාධපුර හෝටලයක රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන බවට අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලද පැමිණිලක් අනුව එම කාර්යාලයේ නිලධාරින් පිරිසක් පොලිස් නිලධාරින් සමග පැමිණ ආරාධිතයන් සදහා ලබාදිමට තිබු පිසු ආහාර සදහා මුද්‍රා තබන ලද අතර ආරාධිතයන් සදහා ලබාදිමට තිබු මත්පැන් බෝතල්ද පොලිසිය බාරයට ගන්නා ලදි.
මෙම විද්වත් හමුවට ආරාධිතයෝ 150 ක් පමණ පැමිණ සිටියහ.
මෙම ආහාර පාන වෙනත් ස්ථානයකට හෝ රැගෙන යාමට අවසර දෙන ලෙස සංවිධායකයන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ගෙන් හා පොලිස් නිලධාරින් ගෙන් ඉල්ලා සිටියද එම ඉල්ලිමද ප්‍රතික්ෂේප විය.
හෝටලය සදහා පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදාගත්තු බත් ටික කටට දාගන්න දුන්නේ නැති මැකෝ භංග වේවා..! අපි දෙන්නේ එයාට නෙවෙයි අපේ මිනිහාට. නිකං දෙන කෑම ටික කාලා බීලා පොඩි ආතල් එකක් අරන් එන්නයි අපි ගියේ...
ඒ මොකඩ මැකෝ ?රාහු කාලේද ?නැතිනම් නොනගතය වෙලාවද ?
අද පොලිසියට මගුල් ගෙදරක් වගේලු.
මේ ඇත්තටම මැතිවරන කොමිසමට අයිති දෙයක්ද? මෙය නවත්වන්න හේතුව මොකක්ද. මේ අවස්තාව රජයේ මුදලින් කරපු දෙයක්ද? පුද්ගලික මුදල් යොදා කරපු දෙයක් නම් ඒ අයට රනිල්, සජිත්, නාමල්, අනුර, දිලිත් හෝ වෙන ඕනෑම අපේක්‍ෂකයකු වෙනුවෙන් මේ වගේ දේවල් කරන්න බැරිද? මේ ඡන්ද දායකයන් වෙනුවෙන් කරන දෙයක් නෙමෙයිනේ (රුපියල් 20 සීමාව ඉක්මවන නිසා). මේ කවුරුන් හරි අපේක්‍ෂකයෙක්ගේ විද්වත් සමුලුවක් කියලනේ කියන්නේ. එතකොට මේ අවස්ථාවේ ඒ අය චන්ද දායකයන්ද? හේතු කියන්නේ නැතුව සහ දෙකේ කොලේ වැඩ වෙනකොට මැතිවරන කොමිසමේ ගෞරවාන්විත බව පහල බහිනවා. නිකම් රට්ටු හිනස්සනවා වෙනවා. මීට කලින් කිව්වා සමීක්‍ෂන ප්‍රතිපලවලට රැවටෙන්න එපා කියලා. ඒකත් මේ අයගේ රාජකාරියේ කොටසක්ද කියලා තාම කිව්වේ නෑ. මම බෝතල් පාටි අනුමත කරන්නේ නෑ නමුත් විකාර වැඩත් විකාරයි කියලා තමයි කියන්න තියෙන්නේ.
ඊයෙ අනුරාධපුරය පැත්තෙ හිටියෙ කවුද කියල හිතුවොත් මේ කවුද කියල හිතාගන්න පුලුවන් , එන් පී පිය විද්වත් හමු තිබුනත් අරක්කු සමග විද්වත් වැඩ නොකරන බව සහතිකයි.
රනිල් හොඳටම සවුත්තු වෙලා ඉවරයි . ඒ වගේම මැතිවරණ නීති කඩන එකේ කෙළවරක් නැහැ . එන 22 වැනිදා බඩු මුට්ටු එකතු කරගෙන ගෙදර යන්න ලෑස්ති වෙන්න .
තම රාජකාරිය දේවකාරියක්සේ සලකා නිරෝගිමත් කශේරුකාවක් සහිත නිලධාරීන් බවට පරමාදර්ශී වන මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් ප්‍රධාන කොමිෂන් සභාවටම මෙවන් අවස්ථාවක ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. මෙවර පැවැත්වෙන්නේ ඉතාමත් තීරණාත්මක ඡන්දයක්. කවුරු කොහොම කීවත් දැනට වසර දෙකකට වඩා වැඩිකාලයක් රට පාලනය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් නොව..., ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් මිනිසුන් රවටා ලබාගත් පරමාධිපත්‍ය බලය අවභාවිත වීමක් තිබෙන්නේ... කවුරු කොහොම, මොනවා කීවත්, වර්ථමානයේ ජනතා මතය කොතැනකදැයි ඉතාමත් අවිනිශ්චිතයි සහ ඒ අවිනිශ්චිතතාවය මෙවන් අශිෂ්ඨ ක්‍රියාතුළින් දූෂණයවීම වැළැක්විය යුතුමයි. මෙවන් එඩිතර තීන්දු ගනු ලබන ඉතිහාසයේ ප්‍රථම වතාවට... කෙසේවුවත් එවන් වූ බලාත්මක කොමිෂන් සභා පිහිටුවීමට යෝජනා ගෙනැවිත් සම්මත කරදුන් සැමටත් ප්‍රසංශාව හිමිවිය යුතුයි...
දවල්ට මිනිස්සුන්ට සරල බව පෙන්නන්නන කැමරා අටෝගෙන පෙට්ටි කඩ වලින් රොටි කනවා... රෑට දුෂිත වලල්ල එක්ක විස්කි පාර්ටි දානවා... අපිට ආදරේටනේ මේ සේරම...
අයියෝ සෙනවිරත්න ඔයා ඇයි බාගේ කොම්මෙන්ට් දාන්නේ...! අනුරපුරේ හිටියේ කෙනා නෙමෙයි අරක්කු සංග්‍රහ කරන්න ගිය කෙනාගේ නම දාන්න...! ඒ තමයි දිලිත් ජයවීර...
ඔය ලොකු හෝටල්වල විද්වත් සමුළු කියලා ගෙට්ටු දාලා කන්න බොන්න විස්කි පාටි දාන මිනිස්සු කවදාවත් රටක් හදන්නේ නම් නැහැ. ඔය ගොල්ලෝ ඔය ඡන්දේ ඉල්ලන්නේ නිකම් ජොලියට සහ ප්‍රසිද්ධියට විතරයි. මෝඩ මිනිස්සු ඉන්නවා නම් තමන්ගේ වටිනා ඡන්දේ මේ වගේ නිෂ්ලඵ අයට දාවි...!
ඇත්තටම මෙහෙම නිලධාරින් ගැන හරිම කණගාටුයි... දුකයි. එහෙම නම් පක්ෂ රැස්වීම් තියන්නත් බැහැ...
අනීතික වැඩ කරන්න දීලා බකං නිලාගෙන හිටියොත් ඊළග ආණ්ඩුවෙන් තමන්ටත් වැඩ වරදියි කියලා මැකෝ නියම ට්‍රැක් එකට ඇවිල්ලා වගෙයි. රටට යහපාලන උදාවේවා...! මැකෝට ජයවේවා...!
මැතිවරණ කොමිසමෙන් නීති දාන එක හොඳයි. නමුත් ඒවාට ජනාධිපතිවරණ අපේක්ෂකයෝ පිළිපදින බවක් නම් පේන්නේ නැහැ. හැම කෙනාම නොවේ. මැතිවරණ කොමිසමෙන් නීතියක් දැම්මා ජාතික කොඩිය හා බෞද්ධ කොඩිය මැතිවරණ කටයුතු වලට පාවිච්චි නොකරන ලෙසට. නමුත් අපි ඊයේ දැක්කා ජනාධිපතිගේ මැතිවරණ රැස්වීමකදී ජාතික කොඩි ජනතාව අතේ ඉහළට ඔසවාගෙන සිටින අයුරු... මේ ගැන වගකිව යුත්තන්ගේ ඇස යොමු වේවා..!
රැස්වීම් වලට එන අයට කන්න බොන්න දෙන එක අල්ලස් දීමක්.
අවුරුදු පහකට සැරයිනේ මොවුන්ගෙන් අපිට කන්න ලැබෙන්නේ... ඊට පස්සේ අවුරුදු පහම ඔවුන් කනවා අපෙන්...!
මේ වැඩේ වැරැදියි. මීට වඩා මැතිවරණ නීති කඩපු තැන් නැද්ද?