(නිමල කොඩිතුවක්කු සහ ලංකාපුර හෙන්රි ලයනල්)
පොහොර මිටිය රුපියල් 5000ට, කෘෂි රසායන සාධාරණ මිලකට, වී සඳහා සහතික මිලක් දෙන, ගොවි ණය කපා හරින යුගයක් වෙනුවෙන් සමගි ජන බලවේගය හා එක්වන්නැයි සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලොන්නරුවේදී පැවසීය.
ගොවියාටත් පාරිභෝගිකයාටත් අසාධාරණයක් සිදු කරන වංචාවන්ට ඉඩ නොදී පාරිභෝගිකයාට සාධාරණ මිලක් මෙන්ම ගොවි නිෂ්පාදනයට සාධාරණ සහතික මිලක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ දාහතර වැනි විජයග්‍රාහී ජන රැළිය පොළොන්නරුව හිගුරක්ගොඩ නගරයේ දී අමතමින් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
ගොවියාවට අවශ්‍ය වන ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර කි.ග්‍රෑම් 50 මිටිය රුපියල් 5000කට ලබා දෙන්න කටයුතු කරන බවත් කෘෂිරසායන තෙල් පොහොර මිල නියාමනයකට ලක් කර කළුකඩ වෙළෙදුන්ගෙන් මිල වැඩි වීමේ ක්‍රමවේදය මුදා ගෙන දරාගත හැකි මිලකට කෘෂි රසායන ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
පොහොර බෙදා දීමේ දී ගොවිජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගෙන විනිවිදභාවයෙන් යුක්තව එම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කිව් ආර් කේත කේන්ද්‍ර කර ගෙන ගොවියාට, ධිවරයාට, ත්‍රීරෝදරථ රියදුරන්ට, පාසල් ප්‍රවාහන සේවාවලට සහ වී මෝල් හිමියන්ට ඉන්දන සහනාධාරයක් දෙන බවත් ඔහු කීවේය.
පාස්කු ප්‍රහාරය, කොරෝනා ව්‍යසනය, කාබනික පොහොර වංචාව, නැනෝ පොහොර වංචාව නිසා ගොවි ජනතාව විපතට පත්ව ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
තමන්ගේ සීමාසහිත මුදල් උපයෝගී කර ගෙන කණකර උකස් කර ගොවිතැනේ නියැලෙන ජනතාවට පසුගිය කාලයේ පහර පිට පහර එල්ල වෙමින් අසීමිත පීඩනයක් පැටවූ බවත් මේ පීඩනයෙන් අසහනයට ලක්ව වේල් 3 දෙන්න බැරි වූ ජනතාව වෙනුවෙන් වගා ණය කපා හරින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඇප නැතිව රාජ්‍ය බැංකුවලින් කෝටි ප්‍රකෝටි ගණන් ණය ලබා ගත් සමහර ධනවතුන් බලයේ සිටින අය සමඟ ගජමිතුරු සම්බන්ධතා ඇති නිසා එම ණය කපා හැරියත් ගොවියාගේ ණය කපා හරින්න රජයට නොහැකි වී ඇති බවත් ඔහු කීවේය.
සමගි ජන බලවේග රජයක් තුළ රටට බත සපයන ගොවි ජනතාවට කෘතගුණ සලකමින් ණය කපා හරින බවත් ගොවියා රකින පොඩි මිනිසාගේ ජනාධිපතිවරයා ලෙස එම යුතුකම් ඉටු කරමින් රටට බත සපයන ගොවියා වෙනුවෙන් කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගොවීන්ට දිස්ත්‍රික්ක ගණනාවක මායිම්ගල් දමා දශක ගණනාවක් වගා කටයුතු කළ පාරම්පරික ගොවිබිම් අහිමි වූ බවත් අහිමි වූ ඉඩම් නැවත ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. රටේ පරිසර සම්පත වනජීවී සම්පත වෙනුවෙන් ඉහළ ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බවත් ගොවිබිම් ආරක්ෂා කරමින් වගාහානියට වගා පාලුවට විධිමත් රක්ෂණ ක්‍රමයක් ඇති කර වනඅලි මිනිස් ගැටුම අවම කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ මේ වන විට ඉන්නේ වැඩබැරි නායකයෝ සහ කයිය නායකයෝ වුවත් සමගි ජන බලවේගය 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ සක්වල හා හුස්ම වැඩසටහන් හරහා රුපියල් බිලියනයක වැඩ කර නව ජන වරමක් වෙනුවෙන් පැමිණ ඇති බවත් ඔහු සඳහන් කළේය. කයිය නායකයෝ රට වටේ කයිය ගසමින් ගියත් තමා වැඩ කරමින් යන බවත් රටේ ප්‍රශ්න කයිවාරුවෙන් සෝබනවලින් විසදිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී තවදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, නලීන් බණ්ඩාර, රෝහිනි කවිරත්න, දයාසිරි ජයසේකර, කිංස්ලි නෙල්සන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘පොහොර,කෘෂි රසායන සාධාරණ මිලකට දෙනවා‘‘
Gas Cylinder Monday, 26 August 2024 03:38 PM
යූඑන්පී එකට දැන් හැමෝම එකතු වෙනවා.
SARATH Monday, 26 August 2024 03:50 PM
පුතාණෝ හැමදාම දුන්නේ ගැලරි ටෝක්නේ. ඔයා මෙදා පාර පරාදයි අප්පුහාමි...
බණ්ඩා Monday, 26 August 2024 05:53 PM
අරක දෙනවා, මේක දෙනවා කියකියා බොරු කියකියා රට වටේ යනවා. ඔය කියන විදිහට දෙන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද? පට්ට බොරුනේ මේ කියන්නේ. නිධන් හාරලාවත් දෙන්න පුළුවන්ද මන්දා..!
chandima Tuesday, 27 August 2024 06:22 AM
දෙන්නම් කාසිවලට රැවටෙන්න බැහැ. එව්වා විශ්වාස කරන්න තරම් පැටිකිරිය හොඳ නෑ. දෙනවා නම් දැන්මම බෙදන්න ඡන්දයට කළින් එතකොට හිතලා බලලා ඡන්දෙ දෙන්නම්...
Chandima Tuesday, 27 August 2024 06:30 AM
පෝර විතරද දෙන්නේ. හිටවන්න ඇට දෙන්න බැරිද?
Dayan Tuesday, 27 August 2024 06:56 AM
සජිත් නත්තල් සීයා වෙනවා. පියානෝගේ සල්ලි මෙන්න?
ddd Tuesday, 27 August 2024 07:29 PM
ගැලරි ටෝක් ,මේවට අහුවෙන්න එපා . මේ ඔක්කොම එකයි ,වෙනසක් කරන්න