IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බහින්බස්වීම මරණයකින් කෙළවරවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පුද්ගලික සරසවියක ජාල ඉංජිනේරු පාඨමාලාවක් හදාරන  19 හැවිරිදි  සිසුවෙකු  හා  44 හැවිරිදි  භෞත චිකිත්සකවරයෙකු   අතර නවාතැන්පොළකදී  ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව ඇලුමිනියම් ජෝගුවකින් හිසට පහර දීමෙන් භෞතචිකිත්සකවරයා  මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වන සන්තාර් නමැති පුද්ගලයෙකි . ඔහු පදිංචි ප්‍රදේශයක් නිශ්චිතව අනාවරණය නොවන බව පොලිසිය කියයි.

පහරදීම සම්බන්ධයෙන්  වැලිමඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර සිසුවා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සිසුවා විදුලි බල්බය දල්වාගෙන පාඩම් කටයුතුවල නිරතව සිට ඇති අතර  බල්බය නිවා දමන ලෙස  මියගිය පුද්ගලයා  සිසුවාට පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (3)

බහින්බස්වීම මරණයකින් කෙළවරවෙයි

Sarasi Monday, 26 August 2024 12:38 PM

මොන තරම් පව්ද, පාඩම් කරන ළමයා ඉන්නේ ලොකු stress එකකනේ. දරුවෝ ඉන්න තැන් ගැනත් දෙමව්පියනි සොයා බලන්න. කොහොමත් වයසින් වැඩි මිනිස්සු සමග තියන්න එපා...

:       5       47

චන්දිම Monday, 26 August 2024 01:35 PM

ඔය මහලොකුවට පුද්ගලික සරසවි කියලා තිබුණාට දුර පළාත්වල ළමයින්ට නවතින්න නවාතැන් ගැන කිසිම සැලසුමක් නැහැ. ඒ ළමයින්ට වෙන්නේ විශාල මුදලක් පුද්ගලික සරසවියට ගෙවලා තවත් සල්ලි ගෙවලා බෝඩින් හොයා ගන්න. අනික රජයේ සරසවි වගේ නෙමෙයි මේවායේ විභාගයක් ෆේල් වුනොත් ආයෙත් විශාල මුදලක් විභාග ගාස්තු විදියට ගෙවන්නත් වෙනවා. ඒ නිසා ඔය පුද්ගලික සරසවිවල ඉගෙනගන්න සිසුන් හොඳට ජොලියේ ඉන්නවා වගේ වෙළඳ දැන්වීම්වල පෙන්නුවාට සමහරු ඉන්නේ විශාල පීඩනයක...!

:       6       26

upul Monday, 26 August 2024 01:44 PM

සැරසිලා වගේ ඔහේ අනුකම්පා කරන අය මේ රටේ වැඩියි. මෙහෙම ගියොත් මේ රටේ ඉන්න නාකි මයිනෝ ඔක්කොම මරන්නයි වෙන්නේ. 16 පැනපු ඕනම පුද්ගලයෙක් මේවාගැන දැනගන්න ඕනෑ තමන් කරන කියන දේට... කොහොමත් මේ අයට මේක ගොඩගන්නවා බොරු...

:       4       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site