IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඡන්ද වැඩට ගුවන් යානා පිනට නෑ

(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ

රජයේ ගුවන් යානා මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බවයි.

කෙසේ වෙතත් මැතිවරණ නොවන වෙනත් රාජකාරී කටයුතු සඳහා ගුවන් යානා ලබාගත හැකි පුද්ගලයන්ට එවැනි කටයුතු සඳහා රජය ගුවන් යානා යොදා ගැනීමට බාධාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ දුම්රිය යොදා ගන්නේ නම් ඒ සඳහාද අනිවාර්යයෙන්ම මුදල් ගෙවා රිසිට් පත් ලබා ගත යුතු බව කොමිසම දැනුම්දී ඇත.

මැතිවරණ කටයුතු සඳහා රජයේ දේපළ යොදා ගැනීම පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව වහා ක්‍රියාත්මක වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට දැනුම්දී ඇත.



අදහස් (7)

ඡන්ද වැඩට ගුවන් යානා පිනට නෑ

Prabha Monday, 26 August 2024 01:13 AM

ඕක කියන්න වෙන්නේ සිලින්ඩර් පප්පට තමයි

:       2       22

Chandima Monday, 26 August 2024 03:05 AM

අන්න හරි මැකෝ. ආයේ දෙන්න එපා. වතාවක් රාහු කාලෙ දාලා කල් දුන්නනේ යන ගමනක් යාගන්න. ඒ හොඳටම ඇති ආයෙ දෙන්න ගියොත් මැකොත් නෝන්ඩි වෙනව.

:       0       17

දුප්පත් රටවැසියා Monday, 26 August 2024 05:26 AM

අනේ දෙවියනේ , මැතිවරණ වැඩ සඳහා රජයේ අනුග්‍රහයෙන් මුදල් නොගෙවා හෙලිකොප්ටර් ලබාගන්න කාලකන්නි දේශපාලුවන් ..

:       0       8

Lalla Monday, 26 August 2024 09:23 AM

එතකොට නාමල් කුමාරයා කොහොමද ගමන් යන්නේ... ඒ පවුලට ගමනට පුරුදු වාහනය හෙලිකොප්ටරය නේද?

:       4       20

Ama Monday, 26 August 2024 11:26 AM

මැතිවරණ කොමිසම වෙනදාට වඩා තවම නම් විශිෂ්ටයි..!

:       1       13

jayantha Monday, 26 August 2024 11:32 AM

එතකොට ජනාධිපතිවරයා? අගමැතිවරයා?

:       0       10

Kazi Shajahan Monday, 26 August 2024 11:35 AM

එයාර් ෆෝස් එකෙන් හැමදාම රිපෝර්ට් එක මැතිවරණ ඔෆිස් එක ගෙන්වාගන්න ඕනෑ. කළින් දවසේ ඒක පාවිච්චි කරපු ගුවන් යානා, කාටද, කොහේද, මොනවටද ගියේ කියලා...

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site