IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


රනිල්- අනුර-සජිත්- අයි.එම්.එෆ් ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවක් කැඳවන්න යයි

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ගිවිසුම් වෙනස් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයන් ද එක්කාසු කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවකට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් අද (25)පැවසීය.

ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයන්ට එහිදී රටේ ආර්ථිකය ඉදිරියට පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලට කරුණු කීමට අවස්ථාවක් ලැබෙන බව බව කී ජනාධිපතිවරයා අනතුරුව එම වීඩියෝ සාකච්ඡාව මුළු රටටම ප්‍රසිද්ධ කළ යුතු බවද සඳහන් කළේය.

එලෙස වීඩියෝ සාකච්ඡාවක් කොට එය ප්‍රසිද්ධ කළහොත් මුළු රටම එදින සිට ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙනු ඇතැයි කී ජනාධිපතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාවට බොරු කියන්නට එපා යැයි සජබයෙන් සහ ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමටත් එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස ඔහුගේ ජය වෙනුවෙන් කැපවීමටත් එජාප විශේෂ සම්මේලනය මෙහිදී යෝජනා සම්මත කර ගත්තේය.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා යෝජනාව සම්මේලනයට ඉදිරිපත් කළ අතර ජාතික සංවිධායක සාගල රත්නායක මහතා එය ස්ථිර කළේය.

අනතුරුව සම්මේලනයට සහභාගී වූ සියලුම පාක්ෂිකයන් දෑත් ඔසවා එම යෝජනාවට එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව යෝජනාව සම්මත වූ බවට ප්‍රකාශයට පත් කෙරිණි.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම සම්මේලනය පැවැත්විණි.



අදහස් (13)

රනිල්- අනුර-සජිත්- අයි.එම්.එෆ් ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවක් කැඳවන්න යයි

අශෝක Monday, 26 August 2024 06:20 AM

ඊට ඔක්කොටම කලින් IMF වලින් ණය ට කකා ජිවත් වෙන තරමට රටේ ආර්ථික ය වැට්ටුවේ කවුරු කවුරුද කියලත් රටේ ජනතාවට් කියන්න , විශේෂයෙන් ම පොලිය ගෙවාගන්න බැරි තරමට ස්වයිරි බැඳුම්කර වලින් ඩොලර් බිලියන් 12ක් අරන් තියන නායකයා ගැනත් කියන්න

:       65       20

පිනා Monday, 26 August 2024 06:44 AM

රනිල් තවම රට බංකොලොත් උනහැටි ගැන පර්ලිමෙන්තුවෙදිවත් විවාදයක් තියල නැහැ නේද ? ඔක්කොට ඉසෙල්ලා ඒක තියල ඉමු

:       52       19

Nishan Monday, 26 August 2024 06:59 AM

ගම්වල ඉන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ට නම් ටෙලිවිෂන් එකේ යන දෙයක් බලන්න පුළුවන්. තව සිංහලෙන් කතා කරන්නත් වෙනවා. කොහොම උනත් අනුරගේ දෙබිඩි දේශපාලනය රටට හෙලි කල යුතුයි. එයා වේදිකාවල එකක් කියනවා, ටෙලිවිෂන් එකේ සාකච්චා වලට ඇවිත් තවත් එකක් කියනවා, පිටරට ගිහින් වෙනස්ම කතාවක් කියනවා, සුද්දෝ එක්ක මේ ඔක්කොටම වෙනස් දේ කියනවා. එයාගේ නායක යාලුවෝ කණ්ඩායම තව තව දේවල් කියනවා. මේ සියල්ල එකිනෙකට පරස්පරයි. මේ වෙස් මුහුණු ගලවන්නම ඕනේ.

:       25       65

නාමල් Monday, 26 August 2024 07:21 AM

දේශපාලන විගඩම්.මුන් හිතන්නේ ජනතාව හරක් කියලා.ස්වාධීනයි කියන අපේක්ෂකයා එ.ජා.ප.සම්මේලනයට ගිහින්.

:       48       22

Willows Drive Monday, 26 August 2024 07:38 AM

අනුර/සජිත් IMF සමග කතාකර අවසන්, තව මොන කතාද???

:       28       12

නන්දන Monday, 26 August 2024 07:40 AM

උප්පරවැට්ටි දේශපාලනයෙන් රටට සහ ජනතාවට සිදුවන යහපත කුමක්ද?

:       13       11

B amarasinghe Monday, 26 August 2024 09:14 AM

රනිල්ට වාද කරලා දිනන්න බෑ. ඒක නිසා තියන්න බැරි (මැතිවරණ කොමිසම අවසර දෙන්නෙ නැති) වාදයකට බොරුවට අඬ ගහනවා පැපරල් එකේ වාදයටත් 39 දෙනාම ගෙන්නන්නේ නැති ඒකට විජයදාස විරෝධය පාලා නවතලා

:       52       32

Nimal Monday, 26 August 2024 09:29 AM

අර්ජුන් මහේන්ද්‍රන්වත් ඔහොමම කැඳවමුද ?

:       58       40

Vajira Monday, 26 August 2024 09:49 AM

මොන විහිළුවක් ද මේ! අයි.එම්.එෆ්. එක ලංකාවේ දේශපාලන විවාදයකට එන්නේ නැහැ! අනික මේ ගිවිසුම් ගහලා තියෙන්නේ ජනවරමක් නැති රනිල්. ගිවිසුම් ගලේ කෙටු ඒවා වගේ නොවෙනස්ව පවතින්නේ නැහැ. දිනන ඕනෑම ආණ්ඩුවක් එක්ක අයි.එම්.එෆ්. එක සාකච්ඡා කරන්න බැදිලා ඉන්නවා. මොකද මේ නාකියා ලංකාවේ සදාකාලික ජනාධිපති ද ?

:       44       16

Rata Perata Monday, 26 August 2024 12:23 PM

මේ මනුස්සයා රටටම පිළිලයක් වුණා. තනතුරේ වැඩ බලන්න අපු කෙනා මොන වැඩේ කරලා හරි බින්න බහින්න හදන්නේ...මම දැනගන්න කැමැතියි ඔය ක්‍රමවේදය IMF එකත් එක්ක සාකච්ඡා පටන් ගන්න කොට කරේ නැත්තේ මොකද කියලා... කොන්දක් නැහැ.

:       44       16

සෙනෙවිරත්න Monday, 26 August 2024 02:22 PM

නිශාන්, අනුර කිසි දවසක දෙබිඩි කතා කියලා නැහැ. විදෙස්වල වෙන කතා කියලා නැහැ. රටේ තියෙන සමහර තුට්ටු දෙකේ චැනල්වල එහෙන් මෙහෙන් ඇහිඳලා පූට්ටු කරපු නිවුස් අහන අයට එහෙම තමයි වැටහෙනවා ඇත්තේ... ඉංග්‍රීසියෙන් කතා කරලා අපට කරලා තියෙන්නේ... ණය ගන්න, විකුණන්න, කොමිස් ගන්න විතරයි. මේ අය ඉංග්‍රීසියෙන් කතාකරලා තියෙන්නේ... ඒකයි මෙහෙම රටට වුනේ.

:       41       7

සෙනෙවිරත්න Monday, 26 August 2024 02:43 PM

හිතාගෙන ඉන්නේ, ජාත්‍යන්තරය දන්නෙත් සළකන්නෙත් මෙයාට විතරමයි කියලා, මෙයා රුපියල ශක්තිමත් කලා කියල පාරම් බෑවට ණය ගැනීම සහ විකිණීම හැර ඒ වෙනුවෙන් මොනවද කලේ, වෙරළකට ගියොත් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕන කියනවා,කරන්න ඕන කියනවා මිස කරන්න වැඩ පිළිවෙළක් නැහැ,

:       36       7

Wasala Basnayake Tuesday, 27 August 2024 07:16 AM

IMF නැත්තම් රනිල්ට කතා කරන්න දෙයක් නෑ. ශ්‍රී ලංකා දේශපාලනය පිළිබඳ ඔබේ අවුරුදු 40 ව්‍යසනය ගැන සාකච්ඡාවක් නොකරන්නේ මන්ද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 333 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16507 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 622 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site