පොලිසියට බය වී ඇළට පැන්න තිදෙනාගෙන් අයෙක් මරුට පොලිස් නිලධාරීන්ට බිය වී කළු පාලම අසල සේදවත්ත ඇළට පැන පලායාමට තැත් කළ තිදෙනකුගෙන් එක් පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 20 January 2024
මණ්ඩලයේ තවත් 51 ක් ගෙදර නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ එහි තවත් සේවකයන් 51 කගේ සේවය අත්හිටුවූ බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (20) පැවසීය. 20 January 2024
ජනපති අප්‍රිකා කලාප රාජ්‍ය නායකයින් හමු වෙයි උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකා කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. 20 January 2024
ගාල්ල විභාග මධ්‍යස්ථානයක අවුලක් ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමයේ ශාලා අංක 02 විභාග මධ්‍යස්ථානයේදී අද පැවති ගණකාධිකරණය 1 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි එම දරුවන්ගේ දෙමව්පියෝ පවසති. 20 January 2024
මාළු ව්‍යාපාරික ඝාතන කොන්ත්‍රාත්තුවට තවත් දෙකක් මාට්ටු අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට මාළු ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණි යුද හමුදා සෙබළාට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනකු ගොඩකවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 20 January 2024
පස්සර නාය යෑමක් පස්සර නමුනුකුල කන්ද පාමුල අද 20 අලුයම සිට විශාල නාය යාමක් සක්‍රිය වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 20 January 2024
පුපුරන ද්‍රව්‍ය සමග කතක් අත්අඩංගුවට සිය යට ඇඳුමේ සඟවාගෙන පුපුරන ද්‍රව්‍ය තොගයක් ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය පවසයි 20 January 2024
මත්කුඩු කිලෝ 200 සමග 11ක් මාට්ටු හෙරොයින් කිලෝ 200 කට අධික තොගයක් සමග සැකකරුවන්ද 11ක් දෙවුන්දර දකුණු මුහුදේදී අත්අඩංගුවට ගෙන ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදාව පවසයි. 20 January 2024
කැබිනට්ටුවේ ඔළුගෙඩි මාරුවක් ළඟදීම කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ. 20 January 2024
කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා කලින් ගෙදර යයි කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකුට සහ සායිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා සේවයෙන් විශ්‍රාම ලබා ගැනීම සඳහා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලීම් කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය එස් ඩී යූ එම් රංගා මහතා සනාථ කළේය. 20 January 2024
හිටපු සෙබළා ඝාතනයට සහාය දුන් දෙකක් සැකපිට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් ලෙස පවසමින් පැමිණ කඩුවෙල කොරතොට ප්‍රදේශයේ නිවසක සිටි හිටපු යුද හමුදා සෙබළකු පැහැර ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධියට අනුබල දුන් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 20 January 2024
වැස්ස අලුත් වේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 January 2024
විද්‍යුත් ජාතික හැඳුනුම්පතට තොරතුරු ගැනීම ජූනි මස සිට නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අවශ්‍ය මෙරට පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ගැනීම ලබන ජුනි මාසය ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසීය. 19 January 2024
බැස්ටියන් මාවතේ කඩ ඉවත් කිරීම පණිවිඩයෙන් නතර වේ පිටකොටුව බැස්ටියන් මාවතේ පාවෙන අවන්හල අවට අනවසරයෙන් ඉදිකර තිබූ කඩ ඉවත් කිරීමට පිටකොටුව පොලිසිය අද එම ස්ථානයට ගිය ද ලැබුණු පණිවිඩයක් හේතුවෙන් නැවත හැරී යාමට පොලිසියට සිදුවිය. 19 January 2024
‘පැට්ටා මංජු‘ගේ සමීපතයෙක් නිවසේ සගවා තිබු ලක්ෂ 22 ක් සොයාගනී විදේශගතව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ’පැට්ටා මංජු‘ නැමැත්තාගේ සමීපතමයෙකුගේ නිවසේ බංකරයක සගවා තිබු රුපියල් ලක්ෂ 22 කට අධික මුදලක් සොයා ගත් බව පොලිසිය පවසයි. 19 January 2024
ගමේ පාර හදන්න මුල පුරන්න ආ රාජ්‍ය ඇමතිට ගමෙන් විරෝධයක් පුත්තලම දළුව ගම්මානයෙ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනක් ආ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මහජනතාවගෙන් එල්ල වූ විරෝධයක් හේතුවෙන් අතර මගින්ම හරවා යෑමට සිදු වූ බව වාර්තා වේ. 19 January 2024
වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවන්න වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් උගන්ඩාවේ දී අද (19)පැවසීය. 19 January 2024
රජයේ වියදම - බදු ආදායම අතර විශාල පරතරයක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් බවත් නමුත් පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයේ බදු ආදායම සියයට 9 ක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (19) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 19 January 2024
වසර 3කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු සෑම වසර 3 කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ වැඩ පිළිවෙළ මේ වසරේ සිට ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය. 19 January 2024
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරට ශ්‍රී ලංකාවේ විදෙස් ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මාසයේ සිට සියලූම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන බව ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 19 January 2024
විනාශකාරී ආයුධ මගින් රටවල් අතර අසමානතාවයක් ඇති වෙලා නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ඩිජිටල් වශයෙන් මෙන්ම මහා විනාශකාරී ආයුධ මගින් ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් කීය. 19 January 2024
දුම්රිය ගේට්ටු මුරකරුවන් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලයි දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ දෛනික වැටප ඉහළ නංවන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය පවසයි. 19 January 2024
පෙත්සමක් විසිකරන්න අල්ලස් ඉල්ලූ කම්කරු ලොක්කා මාට්ටු හෝටලයක සේවකයන්ට අර්ථසාධක මුදල් නොගෙවන බවට පෙත්සමක් ලැබී තිබෙන බව පවසා එම පෙත්සම ඉවතදැමීම සදහා රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලූ කම්කරු නිලධාරියෙක් කල්මුනේ මරදමුනේ ප්‍රදේශයේදී ඊයේ (18) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 19 January 2024
සත්ව ගොවිපළවල් 14,000ක් කොට උඩ විවිධ හේතු මත මෙරට සත්ව ගොවිපළවල් 14,000ක් පසුගිය කාලයේදී වැසී ගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත. 19 January 2024
අලුත් නීති ගේන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවයි ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව නීති සහ රෙගුලාසි ගෙන එන්නේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල විනිවිදභාවය ආරක්ෂා කරමින් බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc- Andre-Franche මහතා අමතමින් පැවසීය. 19 January 2024
ප්‍රීමා එන්ජිම රාගමදී පීලි පනී ප්‍රීමා පිටි ප්‍රවාහන කරන දුම්රියේ එංජිම කොළඹ සිට සීදුව බලා ධාවනය වෙමින් තිබියදී රාගම දුම්රිය ස්ථාන ආසන්නයේදී රෝද දෙකක් පිලී පැන ඇති බවත් මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 January 2024
මන්නාරමෙන් මත් කරල් 24,000ක් මාට්ටු මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේදී මත් කරල් 24,000ක් සමග සැකකරුවකු මන්නාරම මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ මන්නාරම පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (18) අත්අඩගුවට ගනු ලැබීය. 19 January 2024
’’පේරේ’’ 963කට ඇඟිල්ල නැතුව කෝටි 636ක් ගෙවලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන සහායක කාර්යමණ්ඩලයේ නිලධාරීන් 963 දෙනකුට 2021 - 2022 වර්ෂ වලදී පැමිණීම හා පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රයකින් තහවුරු කර ගැනීමෙන් තොරව රුපියල් කෝටි 636 කට වැඩි වැටුප් හා දීමනා නීති විරෝධී ආකාරයට ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ 19 January 2024
ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් ප්‍රාථමික මට්ටමේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය. 19 January 2024
උපයෝගිතා කොමිසමේ වැඩ ගැන ආර්ථික කමිටුවේ අප්‍රසාදය මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට එහි ප්‍රධානීන් දක්වන අඩු සැලකිල්ල පිළිබඳව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ අප්‍රසාදය පළ කර ඇත. 19 January 2024
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026