
(තිලකරත්න දිසානායක)
මීගමුව වෙරළ තීරයේ හෝටලයක් ආශ්‍රිතව ෆේස් බුක් සාදයක් පවත්වමින් සිටි බව කියන විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියෝ 43 දෙනකු සමග හෙරොයින් , ගංජා සහ නීති විරෝධී දුම්වැටි සමග අත් අඩංගුවට ගත් බව සුරා බදු දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහකාර කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.
සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතාගේ උපදෙස් පරිදි මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන දින සියය වැඩසටහන යටතේ මෙම වැටලීම සිදු කොට ඇත්තේ සහකාර කොමසාරිස් කාර්යාලයට ලද තොරතුරක් මතය.
අත් අඩංගුවට පත් පිරිස අවුරුදු 19 ත් 35 ත් අතර වයසේ පසුවන්නවුන් වන බවත් මොවුන් අතර පෞද්ගලික විශ්ව විද්‍යාල සිසු සිසුවියන් , ව්‍යාපාරිකයින් සහ විවිධ රැකියාවල නිරතවන අය සිටි බවත් එම කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
මෙම පිරිස අතර තරුණියන් 10 දෙනෙකු සහ තරුණයින් 33 දෙනෙකු සිට ඇත.
මුහුණු පොත හරහා හඳුනාගනිමින් පැමිණ ඇති මෙම පිරිස තංගල්ල , මාරවිල , කිරිඳිවැල , හිගුරක්ගොඩ , පූගොඩ , මීගමුව , ජාඇල , දිගන , හොරණ වැනි ප්‍රදේශවල පදිංචි කරුවන් බව අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ගම්බේ වෙරළ තීරය හැන්දෑවට ගිහින් බලන්න. ඒවා නවත්වන්න කෙනෙක් නෑ.
සමාජ මාධ්‍ය යොදාගෙන කරන මෙවැනි විකාරවලට දැන් වැඩිපුර හසු වන්නේ ගමේ ගොඩේ තරුණ තරුණියන්. මෙම සාදයට ගොස් අත්අඩංගුවට පත් වී ඇති පිරිස ද පැමිණ ඇත්තේ කොළඹින් බොහෝ දුර බැහැර පෙදෙස්වල සිට. හරියට මාලිමා බොරු වළවල්වලට ගම්වල අය වැටෙනවා වගේ....!
ලංකාවේ ක්‍රිකට් ගහන අයට විතරයි. කොකේන් පාවිච්චි කරලා අහුවුණොත් කිසිම නඩුවක් නැතිව ඉන්න පුළුවන්...!
යකෝ අපි 2005 විතර ඉඳල පැය 24ම ෆේස්බුක් එකේ ඉන්නව. අපිට කිසිම දාක හාන්කවිසියක්වත් කවුරුවත් ෆේස්බුක් සාද ගැන කතා කරලා නැහැනේ.. දැකලත් නැහැනේ.. මොනා හරි සෙටිං වෙනස් කරගන්න ඕනද ?
ඇයි සුරා බද්ද ගෙවලා නැති නිසාද අල්ලලා තියෙන්නේ ?