
(අංජුල මහික වීරරත්න)
වැල් පාලමේ ගමන අතරමග නතර කළහොත් සියලු රට වැසියන් ගඟට ඇද වැටෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාවනැල්ලේ " පුළුවන් ශ්‍රී ලංකා"ජනපතිවරණ ජනරැළිය අමතමින් අද( 27)පැවසීය.
රටේ ආර්ථිකය හදන්නට කිසිදු සැලසුමක් ඉදිරිපත් නොකරන සජබෙ සහ ජවිපෙ උත්සාහ කරන්නේ වැල් පාලමේ රැහැන් දෙපැත්තෙන්ම කපා දමා ජනතාව ගඟට ඇද දැමීමට යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
වැල් පාලමේ ඉතිරි කොටස ගෙවා දමා දුෂ්කර ගමන අවසන් කොට ආර්ථික සමෘද්ධිය උදාකර ගන්නවාද? නැතිනම් ගඟට වැටී අනාගතය නැති කරගන්නවාද? කියා සැප්තැම්බර් 21 වෙනිදා ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතුව ඇතැයි ජනාධිපතිවරයා කීය.
"බදු අය කරන්නේ නැතැයි සමහර පක්ෂ කියනවා. විකල්ප බදු නැත්නම් කරන්නේ කුමක්ද?එවිට ආදායම අඩු වෙනවා. වැල් පාලම කපා දමා ගියොත් අප යන්නේ ගඟට.
මේ බද්ද අඩු කරනවා, අර බද්ද අඩු කරනව යැයි කියනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බිලියන දෙසීයක්වත් ආදායම අඩු වෙනවා .ඒ කියන්නේ වැල් පාලම කපා දමනවා. වැඩියෙන් දෙනවා කියනවා. ආදායම අඩුකර වැඩියෙන් දෙන්නේ කොහොමද?
ගණිතය දන්නේ නැතිනම් ආර්ථිකය දන්නේ නැතිනම් එහෙම කියන්න පුළුවන්.
මේ අය බලන්නේ වැල් පාලම එක පැත්තකින් නොව දෙපැත්තෙන්ම කපා දමන්නයි.මම ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඔබට එය කියවන්න මාස දෙක තුනක් යාවි .ඒ අතරතුර ඡන්දය තිබෙන නිසා අපට ඡන්දය දී ඊට පසුව ඒ ප්‍රතිපත්ති කියවා බලන්න.
අප වැල් පාලම අතහරින්නේ නැතිව මේ ගමන යා යුතුව තිබෙනවා. ආර්ථික ස්ථාවර බව ඇති කර එහි ප්‍රතිඵල ලබා දිය යුතුයි" යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය. මාවනැල්ල බස් නැවතුම්පොලේදී මෙම ජනරැළිය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංකොල්ලකෑවේ නැත්නම් මේ රට දියුණු කරනවා...!
කයිය තමයි. දැන් වැල්පාලමට උඩින් වතුර ගලනවා. වාන් දොරටු කඩාගෙන බිඳගෙන ජනතාව එන්න කලින් පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීම සුබයි...
එයාට ඔක්කෝම කියවන්න කාලය තියෙනවා. අනෙත් අයට ඡන්දෙන් පස්සේ කියවන්න. ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න ඕනෑ ඡන්දෙන් ඉස්සෙල්ලා...
ජනතාව කෙසේ වෙතත්, මුන්දැයි අනිත් හොරු ටිකයි යන වැල් පාලමනම් 21 වෙනිදට දෙකොනින් විතරක් නෙවෙයි අඩියෙන් අඩියට කම්මුතු වෙනවා සිකුරුයි.
වැලේ වැල් නැතිවෙලා දැන් වැල්පාලං පෙන්නනවා.
වැල් පාලම හැදුවෙත් රනිලුයි මහින්දයි එකතුවෙලා නේද ? ලංකාවට හොඳයි මේ මෝඩ ජෝක්ස්
අමුතුවෙන් කියලා වැටෙන්න දෙයක් නැහැ. බලලෝභී, බඩගෝස්තරවාදී කාලකන්නි, දූෂිත, දේශපාලුවන් දැනටමත් ඒ වැඩේකරලා ඉවරයි...
මහජනතාව නම් කොහොමටත් වැටිලා ඉවරයි. හැබැයි දැන් ගමන නැවැත්තුවොත් වැල් පාලමෙන් වැටෙන්නේ අලුතෙන් ආපු කට්ටිය තමයි. ඒ ගොල්ලන් තමයි ඔය වැල් පාලමෙන් එගොඩ වෙන්න අලි වලිගේ එල්ලෙන්න බැරි නම් සිලින්ඩරෙ එල්ලිලා හරි දිව්‍යලෝකේ යනවා කියලා රනිල් ගාවට ආවේ
වැලේ වැල් නැති ජාතියක්
ජනතාව කෙසේ වෙතත් රනිල් ලොක්කයි හොරු හැත්තයි නම් ගගේ ගිලෙනවා ශුවර්....
ජාජබ බදු සියල්ල අහෝසිකොට රාජ්‍ය ආදායම බිංදුවට බස්සලා පඩි නැතුව වැඩ කරන්න කියයි. පැන්ෂන් ඕනෑ නම් කුඹුරට බහින්න කියයි. ගෑස් නැතුව දර ලිපේ උයන්න කියයි. බයිසිකලේ ගමන් බිමන් යන්න කියයි. අනිත් සියළුම සේවා, සෞඛ්‍යයට, අධ්‍යාපනයට මුදල් අය කරයි. නැත්නම් රුපියල් බිලියන 200 පිටරටවල ඉන්න එයාලාගේ යාළුවන්ගෙන් අරන් දෙයි. ජාවාරම් කාරයින්ගේ කළු සල්ලි සුදුකර ගන්න අවස්ථාව දෙයි. අයි.එම්.එෆ්. කොන්දේසි කඩලා සල්ලි අච්චු ගහලා බෙදයි. වැල් පාලමේ වැලේ වැල් නැතිවෙනවා... එයාලාගේ බොරු පොරොන්දු ඉෂ්ඨ කරන්න ගියොත්...!
මෙයා එක දවසින් පොත් කියවලා... අනික් අයට මාස 2ක් යනවා. ඒ තරම්ම ගොන්නු... ආපු අයට ඒකවත් තේරෙන්නේ නෑ... එයා හරියටම කියලා තියෙනවා.
දැනටමත් මිනිස්සු ගඟේ වැටිල... ජීවිතය මරණ අතර සටනක නිරතව ඉන්නවා . සමහරු මැරිලා .
හැමදාම ජනාධිපති අපේක්ෂක රට කෑලි කෑලිවලට කඩා බෙදන්න ඕනෑ කියන සිරිතුංග ජයසූරිය වුණත් කිව්වේ වැල් පාලමේ භාගයක් ගියපු කෙනාටම ඉතිරි ටිකත් යන්න දෙන්න කියලා තමයි... වෙන කෙනෙක් යනවා නම් පාලමේ මැදින් ගොඩවෙන්න බැරිලු... අලුතින් එන කෙනාටත් මුල සිටම යන්න වෙනවා කියලා තමයි. එහෙම අත්හදා බලන්න පුළුවන් වෙලාවක් නොවෙයි දැන් තියෙන්නේ...!
වැල් පාලම නෙවේ මට බෙල්ලේ වැල දමාගන්න වෙලා තිබෙන්නේ පාස්පෝර්ට් එක අලුත් කරගන්න බැරුව , නිවාඩුවට ලංකාවට ආවා පාස්පෝර්ට් එක අලුත් කරගන්න , දැන් එක කරගන්න බැහැ , එහෙම වුනොත් මම අවරුදු 5 විදේශ කරපු රැකියාව අහිමි වෙනවා , ගෙදර ලෝන් එක ගෙවාගන්න බැරිවෙනවා , ළමයි දෙන්නට උගන්වන්න බැරි වෙනවා , ලොකු අමාරුවක වැටෙනවා ,
ඔබට දේශපාලන වේදිකාවේ නම් ඔක්කොම පුළුවන් නමුත් කලට වෙලාවට පාස්පෝර්ට් එකක් , රියදුරු බලපත්‍රයක් වැනි අපගේ මුලික අවශ්‍යතාවයක් සම්පුර්ණ කරන්න නම් බැහැ ..
ඉස්සෙල්ලාම සේරම කරන්න පුලුවන් තමනට විතරයි කියල හිතන එක වළක්වා ගන්න.
තව එක පෝයක් විතරයි උඹට ටොම් පච කියන්න තියෙන්නේ හිතේ දුකට කියන්න තියෙන දේවල්
රනිල් නැතිව රට නම් ගොඩ යනවා. ඒත් රනිල් නම් වැල් පාලමෙන් වැටෙනවා... කරපු ව්‍යවස්ථා විරෝධී වැඩවලට...
වැලේ වැල් නැතිව ඉන්නේ ජනතාවට කරන්න පුළුවන් උපකාරය තමයි වැල් පාලම දෙපැත්තම කපලා ජනතාවට දෙන්න ගොඩවෙන්න.
වැල් පාලමෙනේ අවුරුදු 70 ක් ගියා. තව දුන්නත් ඔච්චරයි.
M ජ.වි.පෙ.ට හිටු කියා කඩේ යන බොහෝ පිරිසක්, ජ.වි.පෙ. ගැනවත් ඉතිහාසය ගැනවත්, ලෝක දේශපාලන යථාර්තය ගැනවත්, මෙලෝ හසරක් නොදන්නා අපතයින් රැලක් බව දැන් වඩාත් පැහැදිලිව පෙනේ. කුහකයින් බොහෝවිට තම තමන්ට කළහැකි දේ නොකොට හොයමින් ඇවිදින්නේ අනුන්ගේ මඟුල්මයි. ඔවුන්ට කළ හැකි වෙනත් දෙයක් ඇත්තේම නැති තරම්ය. මෙතැනද ඉන් වෙනස් නොවේ.