
(කේ. බුද්ධික කුමාරසිරි)
ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන තාවකාලික කාර්යාලවල අදාළ පක්ෂයේ ජනපති අපේක්ෂකයාගේ ඡායාරූපය හැර වෙනත් කිසිවකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
අදාළ කාර්යාලවල ප්‍රදර්ශනය කළ හැක්කේ අදාළ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයාගේ ඡායාරූපය ඡන්ද සලකුණ පමණක් බවද හෙතෙම පවසයි.
එලෙස ඉදිකර තිබෙන තාවකාලික කාර්යාලවල ජනාධිපති අපේක්ෂකයාගේ ඡායාරූපයට අමතරව ආසන සංවිධායකවරුන් ඇතුළු වෙනත් අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන බවට මේ වන විට පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙස පොලිසිය දැනුවත් කර ඇති බවත් ඒ මහතා පවසයි.
මැතිවරණ කොට්ඨාස 160 ක් තුළ ඡන්ද කොට්ඨාස 13134 ක සහ මැතිවරණ කොට්ඨාසයකට එක් කාර්යාලයක් දිස්ත්‍රික් එක් කාර්යාලයක් වශයෙන් ජනාධිපති ධූර අපේක්ෂකයන් 39 දෙනා සදහා කාර්යාල විවෘත කිරීමට අවසර ලබා දී තිබෙන බවත් ඒ මහතා වැඩ් දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම ගෑස් අලවි කිරීමේ අලවි සැල්වල රනිල්ගේ සලකුණ ප්‍රදර්ශනය කරනවා. ඒවා ජනාධිපතිවරණය ඉවරවෙන තුරු ඉවත් කරන්න හෝ වසා තබන්න මැතිවරණ කොමිසම කටයුතු කරනවද?
ඔබ හොඳ වැඩක් කරන්නේ...!