
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
තමා පැහැර ගැනීමට උත්සාහ කරන බවට ඇතිවූ වැරදි වැටහීමකින් වෛද්‍යවරියක ගිලන් රථයකින් පැනීමේ සිද්ධියක් නෙළුම්කුලම පොලිසියෙන් වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරකු සහ රෝහල් සේවකයකු අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරිය බව වවුනියාව නෙලුක්කුලම පොලිසිය කියයි.
වවුනියාව රෝහලට අයත් ගිලන් රථයක් වවුනියාව රෝහලේ සිට වවුනියාව පම්පෙමඩුව ආයුර්වේද රෝහලේ නේවාසික රෝගී සම්බාහන වාට්ටුව වෙත රාත්‍රී ආහාර රැගෙන ගොස් ඇති අතර, ආයුර්වේද රෝහලට ආහාර ලබා දී නැවත පැමිණෙන අවස්ථාවේ රෝහලේ සිටි වෛද්‍යවරියක තමන් වවුනියාව නව බස් නැවතුම්පොළ වෙත ඇරලවන ලෙසට රියැදුරුට සඳහන් කර ගිලන් රථයට ගොඩවී ඇති බව නෙලුක්කුලම පොලිසිය පවසයි.
එහිදී ගිලන් රථ රියැදුරු පම්පෙමඩුව පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ගිලන් රථයට ඉන්ධන පුරවාගෙන වවුනියාව බස් නැවතුම්පොළට යාමට පිටත්ව ඇති අතර, වවුනියාව බස් නැවතුම්පොළ වෙත කෙටි මාර්ගයකින් ගමන් කිරීමට රියැදුරු ගිලන් රථය හරවා ඇතැයි ද පැවැසේ.
ඒම අවස්ථාවේ සුපුරුදු මාර්ගයෙන් ගිලන් රථය ගමන් නොකිරීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍යවරිය බියවී ගිලන් රථයෙන් එළියට පැන තමන් පැහැරගෙන යාමට කටයුතු කරන බවට කෑ ගසා ඇති බව පාලිය කියයි
සිද්ධිය වූ අවස්ථාවේ මාර්ගයේ සිටි පිරිසක් ගිලන් රථ රියැදුරා හා සේවකයා රථයෙන්බස්සවා අල්ලාගෙන ඇති අතර සිදුවීම පිළිබඳ සිතාගැනීමට නොහැකිව රියැදුරුගේ ඉල්ලීම මත ප්‍රදේශවාසියකු නෙලුක්කුලම පොලිසිය වෙත දැනුම්දී නිලධාරීන් පැමිණි
පසු විමර්ශනය සඳහා රියැදුරු සහ සේවකයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත. එහිදි ගිලන් රථ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කෙටි මාර්ගයකින් වවුනියාව බස් නැවතුම්පොළ වෙත ගමන් කිරීමට පිටත් වූ බවත් එම අවස්ථාවේ වෛද්‍යවරිය එකවර බියවි කෑ ගසා රථයෙන් බිමට පැන ඇති බවත්යි.
වෛද්‍යවරිය බස්නැවතුම වෙත කෙටි මාර්ගයෙන් රැගෙන යාම සිදු කරන බවට ගිලන්ර ථයේ රෝහල් සේවකයා ද්‍රවිඩ භාෂාවෙන් ගිලන්රථ රියැදුරුට පවසා මාර්ගය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී සිංහල පමණක් දන්නා වෛද්‍යවරිය එය තේරුම් ගැනීමට නොහැකිව වරදවා තේරුම් ගෙන කෑ ගසා ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එහෙම කිව්වට මොවුන් කිසිවෙකුත් විශ්වාස කරන්න බෑ. වෛද්‍යවරිය එසේ කටයුතු කිරීම වඩා යහපත්.
ලංකාවේ භාවිතා වෙන්නේ භාෂා තුනයි, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි .ඒ තුන බැරිවෙන එක ලොකු අවනම්බුවක්. බ්‍රිතාන්‍යයේ ගොඩක් අයට ඉංග්‍රීසි, ස්කොටිෂ්, ප්‍රංශ, වෙල්ස් භාෂා පුළුවන්. නෙදර්ලන්තයේ නම් ලන්දේසි, ප්‍රංශ, ජර්මන්, ඉංග්‍රීසි ගොඩක් අයට පුළුවන්.
සිංහල ජනතාව සිංහල පමණක් දැනගෙන සිටීමේ විපාකයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ බලධාරීන් මේවාට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි.. ඇත්තටම ප්‍රධාන භාෂාවන් දෙකක් හා සම්බන්ධීකරණ භාෂාවක් තියෙන රටේ භාෂා තුනම ලියන්න කියන්න අනිවාර්ය නීතියක් හදන්න ඕනෑ.
ගිලන්රථ තිබෙන්නේ දොස්තරලාට බස් ස්ටෑන්ඩ් එකට හෝ පුද්ගලික ගමන් යන්න හෝ ආහාර ප්‍රවාහනය සඳහා නොවේ... හදිසි අවස්ථාවක, අසාධ්‍ය ලෙඩුන් ප්‍රවාහනය කිරීම සඳහා වේ. ආහාර හෝ වෙන දේවල් මේකෙන් ප්‍රවාහනය කරන කොට ඒ තුළ ඇති අසාධ්‍ය ලෙඩුන්ගේ ජීවිතාරක්ෂාවට අවශ්‍ය උපකරණවලට හානි සිදුවෙන්න පුළුවන්... රථය අපිරිසිදු වෙන්න පුළුවන්... ගිලන්රථය ලෙඩ්ඩු ප්‍රවාහනය කරන්නේ නැතිනම් රෝහලේ අදාල ස්ථානයේ නවතා තිබෙන්න ඕනේ හදිසි අවස්ථාවක සේවය සපයන්න... මේ අවස්ථාවේ ගිලන්රථය අවභාවිතා වෙලා තිබෙනවා... මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න...
කළ උදව්ව පස්සෙන් ඇවිත්...!
මෝඩ වෙද නෝනා කෙනෙක් .
ගෑනුන්ගේ හැටි ඔහොමම තමයි , ඔච්චර බයක් සැකයක් තියනවනම් ගෙදරටම වෙලා හිටියනම් ඉවරයි නේ
රාජ්‍ය සේවකයෝ එක්කෝ දෙමළ, සින්හල භාෂා දෙකම දැනගත යුතුයි. එහෙම නැත්තන් ඉංග්‍රීසි භාෂාව රාජකරි භාෂාව විදියට භාවිතා කළ යුතුයි..!
දෙමෙල්ලු විශ්වාස කරන්න බැහැ. විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර...!
උතුරු සහ නැගෙනහිර වලට දෙමළ සහ සිංහල දන්න අය දාන්න ඕනේ.. ඕවාගේ දේවල් වලින් උතුරු දකුණු අවුල් වෙනවා.
ජාති බේද පැත්තක තියලා ගෑණු ආරක්ශාව ගැන හිතන්න. ඒ නිසා ගෑණු මනුස්සයාට බනින්න කලින් ගෙදර ඉන්න අම්මා, දුව හෝ අනිකුත් ගැහැණු අයගෙන් සහ යෙහෙළියන් එක්ක කතාකරලා ඉන්න මේ බය සාධාරණද නැද්ද කියලා... යන්න ඕනෑ පාරක් තියෙනකොට වෙනත් පාරවල්වලින් කලින් නොකියා රාජකාරි ගමනක් ගියේ මොකද?
මෙම සිදුවිමේ බරපතල වරදක් සිදුකර ඈත. ගිලන් රථයක් සේවකයින්ට ආහාර සැපයීමට යොදාගැනීම...
දොස්තර නෝනා කෙනෙක් ,ඒත් කරපු දේ නම් බාලයි
වෛද්‍යවරුන් හෝ වෙනත් සෞඛ්‍ය සේවකයින් රෝගියෙක් නැතිව යන වෙලාවේ ගිලන් රථයේ ටික දුරක් යෑම මහා අපරාධයක් නොවෙයි. සාමාන්‍ය දෙයක්... ඉන්දියාවේ වෛද්‍යවරියක් කෙලේසා ඝාතනය කළ උණුසුම සමඟම මේ වෛද්‍යවරිය බියවීම සාමාන්‍ය දෙයක්... ඇයගත් ක්‍රියාමාර්ගයද එසේමයි. ඒකට රට පටළවන කෙස් පැලෙන තර්ක අවශ්‍ය නෑ...!