පතල් වළකට වැටී කම්කරුවා මරුට පහළ කුට්ටාපිටිය ප්‍රදේශයේ මැණික් පතල් වළකට ඇදවැටුණු 48 හැවිරිදි පතල්කරුවෙකු මරුමුවට පත්ව ඇතිබව පැල්මඩුල්ල පොලීසිය කියයි 21 January 2024
උසස් පෙළ විභාගයෙන් පසු දරුවන්ට විශේෂ නියාමනයක් අපොස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටි දරුවන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 21 January 2024
ඔන්චිල්ලාව දස හැවිරිදි දරුවාට මරණය ගෙනෙයි ඔංචිල්ලාව සමඟ සෙල්ලම් කරමින් සිටියදී අැඳවැටී එහි ලණුවට ගෙළ සිරවීමෙන් මුලතිව්, සෙම්මලෙයි හි දස හැවිරිදි දරුවකු ජිවිතක්ෂයට පත්ව අැතැයි මුලතිව් කෝකිලායි පොලිසිය කියයි. 21 January 2024
වෙඩි වැදී මියගිය පුද්ගලයා කිසිදු අපරාධයක් සම්බන්ධ නෑ තෙලිජ්ජිවිල ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් දුරකතන අමතර කොටස් අලෙවි සැලක සිටි පුද්ගයකුට පෙරේදා (20) රාත්‍රී 8.00 ට පමණ සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට වෙඩි තබා ඇත්තේ අත්වැරදීමකින් බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය. 21 January 2024
දෙමළ සන්ධානයේ මහ පුටුව සිරිතරන්ට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් සිරිතරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස අද(21) පත්විය. 21 January 2024
නියං වගා හානි වන්දියට කෝටි සීයක් වෙන් කරයි යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි වන්දි ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 100ක් වෙන් කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 January 2024
විශ්‍රාමික බැංකු නිලධාරියාගේ සිරුර කාණුවක ආණමඩුව ගම් උදාව මාර්ගයෙ කාණු.වක තිබි අභිරහස් ලෙස මරණයට පත්වු විශ්‍රාමික බැංකු නිළධාරීයකුගේ සිරුර අද(21) දින උදෑසන සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 21 January 2024
රිය අනතුරු රක්ෂණය ලක්ෂ පහ දහය කරයි රියදුරුගේ නොසැලකිල්ල මත සිදුවන රිය අනතුරු වලින් අගතියට පත් වන පාර්ශවයන්ට දැනට ගෙවන ලක්ෂයක මුදල ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට රක්ෂණ සමාගම් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී එකඟවූ බව එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 21 January 2024
‘ඩමස්කස් නුවර ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා’ -ඉරානය සිරියාවේ හමුදා උපදේශන මෙහෙයුමක යෙදී සිටි ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ නිලධාරීන් 5 දෙනකුට මරු කැඳවමින් සිරියාවේ ඩමස්කස් නුවර නේවාසික ගොඩනැගිල්ලකට පසුගියදා එල්ල වූ ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ප්‍රතිඥා දී ඇත. 21 January 2024
මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක් මධ්‍යම පළාතේ සියලු පාසල් සංවිධානය කරනු ලබන උත්සව හතකට පමණක් සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මේනක හේරත් මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ . 21 January 2024
පුතා කළ අනතුරට පියාද අත්අඩංගුවට තරුණයකු පැදවූ යතුරුපැදියක ගැටී 85 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මිය යාමෙන් අනතුරුව සැකකාර තරුණයාට යතුරුපැදිය ලබා දුන් පියාද අත්අඩංගුවට ගත් බව මිරියාන මූලස්ථාන පොලිසිය සඳහන් කරයි 21 January 2024
උගන්ඩා ජනපතිගෙන් රනිල්ට ලොකු සහතිකයක් වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් නායකත්වයට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බව උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි මහතා උගන්ඩාවේ දී පැවසීය. 21 January 2024
පොහොට්ටුවෙන් ගමට ’’දස බල සේනාවක්’’ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම දස දෙනෙක් බැගින් තෝරාගෙන ’’ දස බල සේනාවක්’’ සූදානම් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 21 January 2024
හොර හරක් ජාවාරමුන් පොලිසියට මාට්ටු හිංසාකාරි ලෙස බලපත්‍ර නොමැතිව මීහරකුන් සහ එළගවයින් හොර රහසේ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සමඟ පුද්ගලයන් තිදෙනකු අද (21) අලුයම හාලිඇල දික්වැල්ලවත්ත උඩකොටසේ දී අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි . 21 January 2024
ජීවන වියදම දරාගන්න බෑ වර්තමානයේ පවතින ජීවන වියද මිනිස්සුන්ට දරා ගැනීමට අපහසු බව තමා පිළිගන්නේ යැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 21 January 2024
රඹුක්කන හිටපු ප්‍රා.සභා මන්ත්රීනියක් අත්අඩංගුවට මුදල් වංචාවක් සම්බන්ධයෙන් රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරියක් සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්නපොලීසිය පවසයි. 21 January 2024
කරාපිටියේ දොස්තර යළි ඉල්ලා උද්ඝෝෂණ මුදලට යට නොවූ,මානව හිතවාදී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ප්‍රකට කරාපිටිය රෝහලේ පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ සේවය තවදුරටත් අවැසි බව පවසමින් පැවැත්වූ දෑවැන්ත උද්ඝෝෂණයක් අද (21) කරාපිටියේදී පැවැත්විණි. 21 January 2024
චීවරයට අගෞරව කළ විමල බුද්ධි යළි අත්අඩංගුවට බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැර මෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 21 January 2024
ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා තිදෙනෙක් අල්ලයි මෙරට නිෂ්පාදිත අවි නිෂ්පාදනය කරන ස්ථානයක් සමග පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් වීසින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 January 2024
ආනයන බිත්තරයක මිල 8 කින් ඉහළට ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක මිල අද සිට රුපියල් 8.00 කින් ඉහළ දමා ඇතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි. 21 January 2024
පේෂකර්මෙ යන්ත්‍ර 415ක් දිරන්න ඇරලා පේෂකර්ම දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේදී මිලදී ගත් රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා අත් යන්ත්‍ර කට්ටල 220ක් සහ වයින්ඩින් යන්ත්‍ර 195ක් 2022 වර්ෂය වනවිටත් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 21 January 2024
විදෙස් කතට පහරදුන් තැඹිලි වෙළෙන්දාට වැඩ වරදී උණවටුන දලවැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදි විදේශිය කාන්තාවකට පහරදුන් බව කියන තැඹිලි වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 21 January 2024
වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පහරදුන්නැයි දෙකක් අත්අඩංගුවට කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදුන් බව කියන රෝහල් සේවකයෙකු සහ සේවිකාව්ක් අත් අඩංගුවට ගත් බව ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි. 21 January 2024
ලංකාවේ ඇඟලුම් වලට තව ඉඩක් හැදෙයි ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රයට බෙනින් රාජ්‍යයේ ආයෝජන අවස්ථා සලසන බව එහි උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ උගන්ඩාවේදී පැවසීය. 21 January 2024
ගමේ පොඩි ඇළ වේලි හදන්න මිලියන 500ක් ගංවතුරෙන් හානියට පත් කුඩා ඇළ වේළි පිළිසකර කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ. 21 January 2024
තැනින් තැනට තරමක තද වැසි උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 January 2024
තෙලිජ්ජවිල දී වෙඩි තබා තරුණයකු මරලා මාතර තෙලිජ්ජවිල නගරයේ දුරකතන අලෙවි සලක මුදල් අයකැමියකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 20 January 2024
ව්‍යාපාරිකයාගේ ගිනි අවිය සහ තවත් දේපොළ සොරගෙන නුගේගොඩ පැලවත්ත පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ මෙට්ටය යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ පෞද්ගලික ගිනි අවිය , එම ජීව උණ්ඩ 3 ක් සහ රුපියල් ලක්ෂ 7 කට අධික වටිනා රන්බාන්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 20 January 2024
නීතිඥවරිය පොලිසියට පගාව දෙන්න හදලා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට නීතිඥවරියක බව කියන කාන්තාවක අල්ලස් දීමට තැත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. 20 January 2024
පෝලන්තයෙන් ඇවිත් පානදුරේ මුහුදේ අවසන් ගමන් යයි පානදුර මුහුදේ දියනාමින් සිටි පෝලන්ත ජාතිකයකු අද පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 20 January 2024
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026