
(නිමල් ජයරත්න සහ බී.ජී.චතුරංග)
මෙවර යළ කන්නයේ අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික්කවල වී රජය මිලදී ගැනීමට සූදානම් වන විට සියයට 90 පමණ පෞද්ගලික වෙළෙඳුන් මිලදී ගෙන ඇතැයි පොලොන්නරුව සහ අනුරාධපුර ගොවීහු පවසති.
ඇතැම් ප්‍රදේශවල මේ වන විට අස්වැන් නෙළීමට ඉතිරිව ඇත්තේ සියයට 10කටත් වඩා අඩු ප්‍රමාණයක් බව ද ගොවීහු කියති.
වී කිලෝවක් සඳහා රජය මගින් සහතික මිලක් නියම කළ ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය මගින් වී ගබඩා මෙතෙක් විවෘත නොමැති බව ද ගොවීහු චෝදනා කරති.
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන විට ගොවියාගේ වී පොළොන්නරුවේ මහා පරිමාණ වීමෝල් හිමිකරුවන් වී අස්වනු තුට්ටු දෙකට මිලදීගෙන අවසන් බව පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සි කලාපවල ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවී ජනතාව චෝදනා කරති.
අප මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරීයෙක් සඳහන් කළේ රජය මගින් මෙතෙක් තමන්ට මුදල් ලැබි නැති බවත්, මුදල් ලැබුණු සැනින් වී මිලදි ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.