
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ ළමා නිවාසයක සිටි පාසල් සිසුවියන් තිදෙනෙකු එම ළමා නිවාසයෙන් අතුරුදන් වී ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
අධිකරණ මගින් පරිවාස භාරයේ තැබීමට නියෝග කර තිබුණු වයස (17) ක් වන 11 පන්තියේ ඉගෙනුම ලබන හා වයස අවුරුදු(14) ක් වයස වූ වන 09 වන පන්තියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියන් දෙදෙනෙකු එම ළමා නිවාසයේ රඳවා සිටියදී අතුරුදහන් වී ඇති බවට එහි ප්‍රධාන පාලිකාව විසින් මාතලේ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු හා මාතලේ හත්තොටඅමුණ ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිවියකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.