
(රෝෂන් තුෂාර)
කැනඩා රටේ රැකියා ලබා දීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට ආධාර අනුබල දුන්නේ යැයි අත් අඩංගුවට පත් කොළඹ අලුත් කඩේ නීතිඥවරියක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(28) නියෝග කළේය.
කොළඹ අලුත්කඩේ බෙල්මන් විදිය නීතිඥ කාර්යාලයක් පවත්වාගෙන යමින් විදේශ රැකියා අපේක්ෂකයින්ට ගිවිසුම් සකස් කර දුන් නීතිඥවරියක ට මෙසේ ඇප නියම කළේය.
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන් මුදල් ලබාගෙන රුපියල් හාර කෝටි 63 ලක්ෂයක් වංචා කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න නමැති සැකකරුට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් නීතීඥවරිය අත්අඩංගුවට ගත් බව කොළඹ වංචාව විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රෂින්ත පියරත්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
ආනන්ද වෛද්‍යරත්න සැකකරු විසින් රැකියා අපේක්ෂිත පුද්ගලයාගෙන් පොලී රහිත ණයක් ලබාගන්නා බවට සඳහන් කරමින් නීතිඥවරිය විසින් මෙම ගිවිසුම් සකස් කර ඇති බව කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.