
(වයි.ඵ්.ඵස් වීරවංශ)
නේවාසිකාගාර ගැටළුව වහාම විසඳන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ විශාල පිරිසක් අද දහවල් එම විශ්ව විද්‍යාලයේ උප කුලපති කාර්යාලය වැටලුහ .
එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ක්‍රිෂ්ණක නෙරංජන් සිසුවා සදහන් කළේ මේ වන විට විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුව උග්‍ර වී ඇති බවයි.
එම නිසා එම ගැටළුවට වහාම විසදුම් ලබා දෙන ලෙසට රජයට සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරියට බල කර සිටින බව ඔහු සදහන් කලේය.
විසදුම් ලබා නොදුනහොත් මීට වැඩිය දැඩි පියවර ගන්නා බව ඔහු සදහන් කලේය.
පැයකට අධික කාලයක් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.