
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා (29) එළිදක්වයි.
"පුලුවන් ශ්‍රී ලංකා " යන දැක්ම මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කොට තිබේ.
රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් වලට යහපත් රටක් ගොඩනැගීම "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණක් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට ගැනීමෙන් පසු තවත් ඉදිරිගාමී පියවරක් තැබීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවධානය යොමු කර තිබෙන බවද රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ප්රතිපත්තිද? සාගල රනිල්ට,... රනී සජීට... ඕක තමයි එකම දේ...
කඩේ බඩු විකුණන්න එපැයි ලාභ හොයන්න... විකුණුම් ප්‍රතිපත්තිය හොඳටම කියලා ඇති... බලපල්ලකෝ නැද්ද කියලා...?
අලුතෙන් දෙන්න දෙයක් නැහැ... ඔයාගේ ප්‍රතිපත්තිය අපි දන්නවා ඒක රටත්, ජනතාවත් විනාශ මුඛයට ඇද දාන ප්‍රතිපත්තියක්...
පුළුවන් ශ්‍රී ලංකා - රනිල් එක්ක බෑ ... කියලා ඕක වෙනස් කරන්න.
අවුරුදු 47ක් දේශපාලනේ කරලා විවිධ තනතුරු දැරුවා. දැනුයි, පුළුවන් වෙලා තියෙන්නේ? බැරි නම් ශ්‍රී ලන්කා කියලා තමා හිතන්න වෙන්නේ...
"අඩු මිලට විකුණන්න පුලුවන් ශ්‍රී ලංකා"...
ඔයාගේ ප්‍රතිපත්තිය අපි දන්නවා . විකුණලා කෑම...
මෙයාගේ ප්‍රතිපත්ති ප්රකාශනයට ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබුණාද කියලා මුලින්ම කියන්න ඕනෑ.
"මම මේ සැරේ ෆොක්ස්වැගන් කොම්පැනිය විතරක් නොවෙයි... රුසියාවට විරුද්ධව යුද්දෙට මහාපරිමාණයෙන් බෝම්බ හදන බෝම්බ කොම්පැනියකුත් මේ රටට ගෙනෙනවා. ගමේ තරුණ තරුණියන්ට නිවසේදීම බෝම්බ හදලා හොඳ ආදායමක් හොයාගන්න පුළුවන්. ඒ බෝම්බවල අතිරික්තයක් අපි මෙහෙ තියාගන්නවා. අපිට විරුද්ධව නැගිටින කොල්ලෝ කෙල්ලන්ට ගහන්න."
සුරංගනා කතා තවත් නොකියනු මැන මට...!
රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක කෙනෙක් කොහොමද ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශ දෙන්නේ ?මුන් නොකරන දෙයක් නෑ බලය රැකගන්න
අන්තිමේ අයි.එම්.එෆ් එකෙන් ඒක හදලා දීලා වගේ...?
පම්පෝරි ගහන්න ඉස්සරවෙලා පාස්පෝර්ට් කන්තෝරුවේ වෙන්නේ මොනවාද කියලා සොයලා බලන්න. පාස්පෝර්ට් එකක් යනු පුරවැසියෙකුගේ මූලික අයිතියක්... ආගමන විගමන පාලක බැඳී සිටිනවා. නීත්‍යානුකූල ලියකියැවිලි ඉදිරිපත් කර, පාස්පෝර්ට් එකක් ඉල්ලන සියලු දෙනාටම නොපමාව එම පාස්පෝර්ට් එක ලබාදෙන්න. කල්වේලා ඇතිව අවශ්‍ය ලිපිද්‍රව්‍ය සැපයුම් කරුවන්ගෙන් ඇණවුම් කරන එක ඔහුගේ වගකීමක්... ඔහුට ජනතා මුදලින්, වැටුප්, දීමනා, වාහන සහ ගොඩනැගිලි පහසුකම්... පුහුණු වැනි මෙකී නොකී සියලු වරප්‍රසාද ලබාදීලා තිබෙනවා... මෙම සිද්ධියේදී ඔහු බරපතල ලෙස තම වගකීම් පැහැර හැරීම නිසා පුරවැසියන් දහස් ගණනකගේ මූලික ඓතිවාසිකම් කඩවෙලා, වහාම මොහුගේ වැඩ තහනම් කර මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන එක විෂය භාර ඇමැතිගේ සහ ජනාධිපතිගේ වගකීමක්. එසේ නොකළොත් ඉදිරි සති කිහිපය තුළ අගතියට පත් ජනතාවගෙන් විශාල පීඩනයක් රජයට එල්ල වෙන එක වළක්වන්න බැහැ...!
මොනාද ඉතින්. මේ අවුරුදු 2 මිනිස්සුන්ට උපරිම බරක් දුන්නා. මේ ආර්ථික අවපාතය සාමාන්‍ය මිනිසුන් ඇති කළ දෙයක් නොවේ. වත්මන් පාලකයා ඇතුළු රට පාලනය කළ සියලු දේශපාලුවන් මෙයට වගකිව යුතුයි. මොවුන් කුමන ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළද බලය ලැබුණු පසු පවසන එකම දෙය වන්නේ ඉදිරි සති දෙක අමාරුයි ලෙසයි
රනිල්ට කොහෙද ප්‍රතිපත්ති ? රනිල් යනු කිසිම ප්‍රතිපත්තියක් නොමැති බලය වෙනුවෙන්, අසුචි පොහොර හොරු , මාල හොරු , කප්පම්කාරයෝ , කුඩුකාරයෝ, වීසා හොරු සමඟ එකට ළගින මනුස්සයෙක්.