IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තේ පොහොර සහනාධාරයට මිලියන 2400ක් දෙයි

(අංජුල මහික වීරරත්න)

තේ  පොහොර සහනාධාරය ලබා දීම සඳහා අවශ්‍ය සමස්ත මුදල වන රුපියල් මිලියන 2400ක්  ශ්‍රී ලංකා තේ මණ්ඩලය ලබා දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

තේ වගාව සඳහා පොහොර සහනාධාර වැඩ සටහන ඉකුත්  සතියේ සිට ක්‍රියාත්මක කර තිබෙන බවද අමාත්‍යාංශය කියයි.

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 5ක මිල ගණන් මේ යටතේ රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන ඇතැයි කී කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා තේ නිෂ්පාදනය වැඩි කිරීමට නම් සියලුම තේ වගාවන්ට පොහොර යෙදීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.

රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා  T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග පහේ  මිල ගණන් අඩු කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (4)

තේ පොහොර සහනාධාරයට මිලියන 2400ක් දෙයි

Lankika Monday, 26 August 2024 11:29 AM

ඔබලාට ඡන්දයක් එන්නම ඕනෑ. මිල අඩුකරන්නයි, සහනාධාර දෙන්නයි...

:       16       1

සෙනෙවිරත්න Monday, 26 August 2024 02:16 PM

මෙහෙම රැවටීමක්, බොරුවක්, දැන් කී දවසක ඉඳලා ඔය කියන සහනය දෙනවාද? කඩේට ගියාම ගිය මාසෙට වඩා මිල වැඩියි...!

:       21       0

ARUNA Tuesday, 27 August 2024 08:58 AM

ගිනි ගානට තේ කොළ විකුනන්නේ සහනාධාරත් අරගෙනද ?වැරදි වැඩක් ?

:       0       0

Nimal Tuesday, 27 August 2024 11:38 AM

ඇයි මෙච්චර කල් බලන් හිටියේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site