
(විමුක්ති එස් රුද්‍රිගු)
නේපාලයේ පොඛාරා නගරයේ සිට කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථයක් එරට මාස්යන්ග්දි ගංගාවට වැටීමෙන් සිදුවූ අනතුරකින් 14 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙලෙස ගංගාවට වැටී ඇත්තේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලියාපදිංචි බස් රථයක් බවත් අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 40 දෙනකු ගමන් කර ඇති බවත් නේපාල බලධාරීහු ප්‍රකාශ කළහ. කෙසේ නමුත් අනතුරට හේතුව හෝ බස් රථයක් ගමන් ගත් මගීන්ගේ අනන්‍යතාවයන් තවමත් හෙළිකරගෙන නැතැයි නේපාල බලධාරීහු පැවැසූහ.
පොඛාරා සිට කත්මණ්ඩු දක්වා වැටී ඇති මෙම මාර්ගය ඉන්දීය සංචාරකයන් අතර බෙහෙවින් ප්‍රසිද්ධ බවද නේපාල බලධාරීහු ප්‍රකාශ කළහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.