
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (25) පස්වරු 2ට පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට මෙම විශේෂ සම්මේලනයේ දී අනුමැතිය ගැනීමට ද නියමිතය.
ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් මෙම සම්මේලනය පැවැත්වෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.
සමගි ජන බලවේගයේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.