
(යොහාන් භාසුර)
ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තුව සියයට 7 ක් සමඟ ජල ගාස්තු පහළ දැමීමට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
සමස්ත ජල ගාස්තුව සියයට 5.9 කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි සඳහන් ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය පසුගිය 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
ඒ අනුව රජයේ රෝහල්වල ජල ගාස්තුව සියයට 4.5 කින්, පන්සල් ඇතුළු ආගමික ස්ථානවල ජල ගාස්තුව සියයට 6.3 කින් අඩු කර ඇති අතර මිල සූත්‍රය මත පදනම්ව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මෙම ගාස්තු සංශෝධනය කර තිබේ.
සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය, රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික ලෙස මිල වැඩිකරලා සොච්චමක් අඩුකළාට ඡන්දෙ දේවිද?