(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්තිය රජයේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීම සඳහා ලබන 6 වෙනිදා සිට අවස්ථාව උදාවෙයි.
කාලය වෙන් කර ගැනීම සඳහා කුසපත් ඇදීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පසුගිය 22 වැනි දා සිදු කෙරිණ.
සෑම අපේක්ෂකයෙකුටම රජයේ ගුවන්විදුලියෙන් සහ රූපවාහිනීයෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා විනාඩි පහළොව බැගින් අවස්ථා තුනක් හිමි වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව, සිලින්ඩරේ සහ දුරකථනයෙන් ඉල්ලන අයගේ ප්‍රතිපත්ති ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
ඔන්න අද කට්ටියක් ඔවුන් අදහන පක්ෂයේ ප්‍රතිපත්ති බෙදාහැරීම සඳහා ඇවිල්ලා තියෙනවා. අපේ ගෙදරට ආවේ නැහැ. අල්ලපු ගෙදර කෙනෙකුට කියලා තියෙනවා මේ ගෙදරට දීලා වැඩක් නැතිවේවි කියලා ඒත් අපේ ගෙදර කොට්ටේ යටින් තියන්න කියලා එකක් ඒ ගෙදර අය අතේ එවලා තිබුණා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කරුණු විමසීමක් කර ඡන්දය පාවිච්චි කරන්න හිටපු අපි කිසිම පක්ෂයක සාමාජිකයන් නොවෙයි... ඒත් ඔන්න ගම්වල ඉන්න සමහරක් නූගත් අය කටයුතු කරන ආකාරය... ඉතින් එහෙම කරන කොට ඡන්දය දෙන්න හිටියා වුණත් දෙන්න හිතන්නේ නැහැ.. ඡන්දය ලැබේවි කියලා විශ්වාස අයට පමණක් ප්‍රතිපත්ති දීලා වැඩක් තිබේද? කරන්න තියෙන්නෙ නොලැබේවි කියලා හිතෙන අයට දීලා කැමැත්ත ගැනීම නොවෙයිද?
ප්‍රබාත් කියන විදියට දූෂිත පවුල් පාලනේ අයගේ කාලේ හොඳ ඇති. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැලෑ නීතිය රජ කරවපු, පවුලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු, අපේ රට හිඟාකන තත්ත්වයකට පත්කරපු අය. මේ වෙනකොට වටේ හිටපු අයත් පක්ෂය හැර යනවා. මාළිමාව වටා දෙස්, විදෙස් උගත්, බුද්ධිමත් විෂය දැනුම ඇති සෑහෙන පිරිසක් එක්වී සිටිනවා.