(සුමිත් පොතුපිටිය)

දුම්රිය මාර්ගය අසලින් ගමන් කරමින් සිටී පුද්ගලයකු බෙලිඅත්ත බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මියගොස් ඇති බව බේරුවල දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.

අනතුරෙන් මියගොස් ඇත්තේ බේරුවල , සිරිනිවාස මාවතේ පදිංචිව සිටී 51 හැවිරිදි පුද්ගලයෙකි.

මියගොස් ඇති තැනැත්තා දුම්රිය මාර්ගය ආසන්නයේ ගමන් කරමින් සිටියදී ගැටී ඇති අතර , බරපතළ තුවාල ලබා සිටියදී  බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇති බව සදහන් වේ.