
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරිමට ඩුබායි හි සිටන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සාකච්ඡා පවත්වා ඇති බවට විශ්වාසදායක අන්දමින් තමන්ට දැනගැනීමට ලැබුණු බව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පැමිණිල්ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි.
දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා ඒ බව සඳහන් කරමින් වීඩියෝවක් නිකුත් කර ඇති බව සිය පැමිණිල්ලේ දක්වා ඇති චමුදිත මහතා මෙරටින් පලා ගොස් ඩුබායි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඉකුත් 21 වෙනිදින එම සාකච්ඡාව පවත්වා ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණු බව පැමිණිල්ලේ දක්වා ඇත.
"රාජපක්ෂලාගේ රෙදි හෝදන්නේ චමුදිතයා ඒ නිසා ඕකව ඉවරයක් කරලා දාන්න ඕන" යනුවෙන් එම සාකච්ඡාවේ මාතෘකාව වී තිබු බව එරට සිටින නාමල් කුමාරගේ ශ්‍රී ලාංකික තොරතුරුකාරියක එදිනම රාත්‍රී දුරකථනයෙන් දැනුම් දී ඇතැයි ද ඒ බව චමුදිතට දැනුම් දෙන ලෙසද එම තොරතුරුකාරිය විසින් නාමල් කුමාරට පවසා ඇතැයිද එම වීඩියෝ හරහා දැන ගැනීමට ලැබුණු බව චමුදිත කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.
ඒ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය ඕනෑම මොහොතක මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදීමට නාමල් කුමාර සූදානමින් සිටින බවට ද චමුදිත සමරවික්‍රම මහතා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
මේ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කීපදෙනකුටද දුරකථනයෙන් පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් විහිළුවක්... මේකෙ තියන නම් ටික දැක්කාම තේරෙනවා මේක නිකන්ම නාට්‍ය රංගනයක් විතරයි කියලා...
ඒ පිටපත එච්චර සෙට් නෑ නේද? අර කලින් කරපු ගෙදරට අසූචි ගහගත්තු සීන් එක නම් මීට වඩා ටිකක් හොද මට්ටමේ තිබ්බා. පුතානෝගේ රෙදි හෝදන ගමන් රාජපක්ෂ මැදට ඇදලා ගත්තාම ගැලපීමක් ඇත්තේම නෑ කථාවේ. අනික පාතාලේ අයට වෙන වැඩ නැද්ද මේ චීත්ත අඳින ඕපාදූප පිස්සන්ට ගේම් දෙන්න...!
මේ නාමල් කුමාර කාලෙන් කාලෙට නාටක රඟනවා.
මේ දවස්වල හෝදන්නේ, සජිත්ගේ රෙදි...!
සමහර විට කෑස්බෑව ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍යය අංශයේ දඩාවතේ යන සුනඛයින් මර්දන කිරීමේ ඒකකයෙන්ද දන්නේ නැහැ තර්ජනය තියෙන්නේ..?
වසරේ විහිළුව, මෙයා පුවත් මවලා ජනතා අනුකම්පාව ලබාගන්න හරී ආසයි...!
නාමල් කුමාර ආයෙත් කරලියට - චමුදිතට නාමල් කුමාර පිහිට පතන්න සිද්ද වුණා එහෙනම්.
වැරැදියි, පාතාලේ මහත්වරුනි, කුණු හෝදන්නේ සජිත්ගේ... ඒක මරන්න හේතුවක් නෙවෙයි, අවංකවම එහෙම කරන්න එපා, මොකද රස්සාව, අනිත් එක ඒවා කවුරුත් පිළිගන්නෙත් නැහැ. අපට නම් හිතෙන්නේ ඕක මිනිහාගේම අතේ රෝලක් කියලා, මොකද එන් පී පියට නගන අභූත, අවලාද නිසා මිනිහාගේ රේටිං බැහැලා, ඒක නග්ගා ගන්න එකම ක්‍රමය ඕකයි...!
කතාවක් තියනවා "ගැරඬි මරලා පව් කර ගන්න එපා" කියලා. ඉතිං කාටද වුවමනා කරන්නේ මේ ගැරඬි මරන්න...
ඕකට පුදුම වෙන්න දෙයක් නෑ... කට නිසා. මාළුවා නහින්නෙත් කට හින්දා නේ... තවත් එක නාඩගමක්...
චමුදිතයියේ… අපි ඉවරයි… ටැටූ කඩ නම් විවෘත කරන්න යන්න එපා…
දැනට දවස් හතක් තුන්වේලම කුකුල් චමින්දගෙන් බත් කැව්වම ප්‍රමාණවත්.
ආයෙත් නාටකයක්... මේක කපුටාගේ පිටපතක්ද?
ඡන්ද කාලෙට කරළියට එන නාට්‍ය තමයි.
මෙයා කරන්නේ ලොන්ඩරි වැඩක් නේද...? අනුන්ගේ කුණු අපුල්ලන...
කවුද දඩාවතේ යන අය මරන්නේ...?
දැන් ලංකාවේ බල්ලෝ මරන්නේ නැහැ...!
කියන බොරුවලට කටුඉඔුලේ යවන්නේ හිටපු ජනාධිපතිතුමා තමයි එහෙම කිව්වේ...!
අසුචි ගහන්න ඕනේ...!