IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


‘ රා බෝතලයට ඡන්දේ දෙන්නේ නෑ‘

(රංජිත් රාජපක්ෂ )

වතුකරයේ ජනතාව රා බෝතලයට වහල් වි ජන්දය ලබාදෙන ජාතියක් නොවන බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

මාධ්‍ය හමුවක් පවත්වමින්  ඔහු මේ බව පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා කියා සිටියේ වතුකරයේ ජනතාව බුද්ධිමත් ජනතාවක් බවත්, එම ජනතාව අපකිර්තියට පත් කරමින් මෙවැනි ප්‍රකාශ සිදු කිරිමෙන් වලකින ලෙසයි.

මැතිවරණ නිරික්ෂණ සංවිධානයක් ලෙස පෙනි සිටිමින් රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් රැගෙන එක් ජන කොට්ඨාශයක් අපහසුතාවයට පත් වන ආකාරයේ එවැනි ප්‍රකාශ සිදු කිරිමෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ සංවිධානය ඉස්මතු කර පෙන්විමටය.

වතුකරයේ කිසිදු දේශපාලන පක්ෂයක් එවැනි පහත් ක්‍රියාවන් සිදු නොකරන බවත්, වතුකරයේ ජනතාව අධ්‍යාපන මට්ටමෙන් සහ සංස්කෘතික මට්ටමෙන් ඉහල තත්ත්වයක සිටින නිසා එම ජනතාව මෙවර ජනාධිපති මැතිවරණයේදි ජන්දය භාවිතා කල යුත්තේ කුමන අපෙක්ෂකයාටද යන්න බුද්ධිමත් ලෙස සිතා තිරණය ගන්නා බවද මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

රා බෝතලයට වහල් වි  ජන්දය භාවිතා කරන ජනතාව මෙරට තුල නොමැති බවත්, කොරොනා ව්‍යසන සමයේදි වතුකරයේ ජනතාව තේ වතු වල වැඩ කරමින් උපයා ගත් වැටුපෙන් ජිවත් වු ජනතාවක් බවද මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් පැවසිය.

 

 



අදහස් (2)

‘ රා බෝතලයට ඡන්දේ දෙන්නේ නෑ‘

Prabha Friday, 23 August 2024 02:07 PM

ඒ මිනිස්සු බුද්ධිමත් වුණු දවසට මේ ඔක්කෝම ගෙවල්වල...

:       4       39

Kazi Shajahan Friday, 23 August 2024 04:12 PM

ඔය වතුකරයේ මිනිස්සු හැමදාම රැවටෙනවා. මේ සැරේත් ශුවර්, ඡන්දය ළංකරලා පාන්පිටි කිලෝ10, භූමිතෙල් ටිකක් නිකන් දුන්නු ගමන් රනිල්ට ඡන්දෙ දෙනවා. මොකද ඒ මිනිස්සු එච්චරට අසරණයි.

:       4       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 333 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16507 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 622 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site