
(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ඇමරිකා තානාපතිනි ජුලි චන්ග් සහ සාගර හා ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු කාර්යාංශයේ වැඩබලන සහකාර ලේකම් ජෙනිෆර් ලිට්ල්ජෝන් යන මහත්ම මහත්මීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
දේශපාලන අභියෝග සහ ශ්‍රී ලංකාවේ පාරිසරික ප්‍රතිපත්තිවල වැදගත්කම මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු වී තිබේ.
දේශගුණික විපර්යාස පනත සහ පාරිසරික පනත හඳුන්වාදීම ඇතුලු දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
එක්සත් ජනපද තානාපතිවරිය මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය, ආහාර සුරක්ෂිතභාවය සහ දේශගුණික ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd