(තුසිත කුමාර ද සිල්වා)
බෙන්තොට ගඟේ අධිවේගයෙන් සංචාරකයන් දෙදෙනකු රැගෙන ගිය බෝට්ටුවක්  කුඩා බෝට්ටුවක හප්පා පලා ගොස් සිටි සැකකාර බෝට්ටුකරු බෙන්තොට පොලිසිය මගින්  අත්අඩංගුවට ගත් බව කියයි.

අනතුරට පත්ව ඇත්තේ බෙන්තොට පරාදීස දූපතේ   පිහිටි තාවකාලික අලුත් වැඩිය කටයුතු සඳහා වසා තැබෙන ආයුර්වේද සංචාරක හෝටලයකට අයත් ඉන්ජින්දාරිතා 20 කුඩා බෝට්ටුව පැදවූ පුද්ගලයා හා ආරක්ෂක නිලධාරියා බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි.

එම බෝට්ටුව හෝටලයේ සේවකයන් වෙනුවෙන් රාත්‍රී ආහාර රැගෙන යාමට බෙන්තොට ගඟ හරහා   එම ගංගාවේ  අලුත්ගම  පොලිස් වසමේනැගෙනහිර ඉවුරට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

එම දෙදෙනාගේ සිරුරු සෙවීමට අද( 23) නාවික හමුදාවේ කිමිදුම්කණ්ඩායමක්  පැමිණි බව බෙන්තොට පොලිසිය පැවසීය.