IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනපති අපේක්ෂක හෘදයාබාධයකින් මියයයි

(සුජිත් හේවාජුලිගේ , හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රී මියගියේය.

මිය යනවිට 78 හැවිරිදි වියේ පසු ඉල්ලියාස් මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.

ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.

හදිසියේ අසනීපවීමෙන් මොහොමඩ් ඉල්ලියාස් මහතා මීට දින දෙකකට පෙර රෝහල් ගත කර සිටියේය.

ඉල්ලියාස් මහතා හදිසියේ මිය යෑමෙන් ජනාධිපති අපේක්ෂක ලැයිස්තුව 38 ක් දක්වා පහළ යන්නේය.

 



අදහස් (7)

ජනපති අපේක්ෂක හෘදයාබාධයකින් මියයයි

anonymous Friday, 23 August 2024 01:57 AM

වයසට ගියත් මිනිස්සු මැරෙන්නේ අතහැර ගන්න බැරුව...

:       0       7

Jay Perera Friday, 23 August 2024 02:09 AM

සමාදානයේ සැතපේවා.

:       0       4

Rata perata Friday, 23 August 2024 05:11 AM

ලැයිස්තුව 38 ක් වුනත් මේ වනවිට මුද්‍රණය ආරම්භ කරලා ඇති නිසා මිලියන 200 ක ජාතික ධනයක් කාබාසිනියා කරපු මිනිහෙක් කියලා කියන්න පුළුවන් .සමහර කෙනෙක් කිව්වා අපේක්ෂකයෙක් මැරෙනවා කියලා ඒ මොහු වෙන්න පුළුවන්

:       2       7

දලුවෙගෙදර Friday, 23 August 2024 06:23 AM

අනවශ්‍ය අපේකෂකයින්ට මෙය යහපත් පණිවිඩයක් වේවා...! රටට යහපතක් කරන නායකයින්ට ආරකෂාව ලැබේවා...!

:       0       9

Perera Friday, 23 August 2024 06:56 AM

මැරෙන්න ඕනම අය තවම ඉන්නවනේ...! 

:       2       11

ranjith Friday, 23 August 2024 07:41 AM

වලපයයි, ගොඩපයයි තියාගෙන රට පාලනය කරන්න එන්න හදන හැටි.

:       1       13

Madhu Friday, 23 August 2024 06:11 PM

මිලියන 200ක් රටේ ජනතාවගේ සල්ලි ඉතුරු කරාට පොඩි පිනක් ලැබෙන්න ඕනෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site