
(සුජිත් හේවාජුලිගේ , හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රී මියගියේය.
මිය යනවිට 78 හැවිරිදි වියේ පසු ඉල්ලියාස් මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.
ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.
හදිසියේ අසනීපවීමෙන් මොහොමඩ් ඉල්ලියාස් මහතා මීට දින දෙකකට පෙර රෝහල් ගත කර සිටියේය.
ඉල්ලියාස් මහතා හදිසියේ මිය යෑමෙන් ජනාධිපති අපේක්ෂක ලැයිස්තුව 38 ක් දක්වා පහළ යන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට ගියත් මිනිස්සු මැරෙන්නේ අතහැර ගන්න බැරුව...
සමාදානයේ සැතපේවා.
ලැයිස්තුව 38 ක් වුනත් මේ වනවිට මුද්‍රණය ආරම්භ කරලා ඇති නිසා මිලියන 200 ක ජාතික ධනයක් කාබාසිනියා කරපු මිනිහෙක් කියලා කියන්න පුළුවන් .සමහර කෙනෙක් කිව්වා අපේක්ෂකයෙක් මැරෙනවා කියලා ඒ මොහු වෙන්න පුළුවන්
අනවශ්‍ය අපේකෂකයින්ට මෙය යහපත් පණිවිඩයක් වේවා...! රටට යහපතක් කරන නායකයින්ට ආරකෂාව ලැබේවා...!
මැරෙන්න ඕනම අය තවම ඉන්නවනේ...!
වලපයයි, ගොඩපයයි තියාගෙන රට පාලනය කරන්න එන්න හදන හැටි.
මිලියන 200ක් රටේ ජනතාවගේ සල්ලි ඉතුරු කරාට පොඩි පිනක් ලැබෙන්න ඕනෑ.