
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව කියූවද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවද ජනාධිපතිවරයා කීය. ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට මෙන්ම ජීවත්වීමේ අයිතිය ද සුරැකීමට තමා කැපවී සිටින බවද මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති නව ජනතා පෙරමුණේ ජාතික සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට සිංහලෙන් කියන්නේ බයිලා කියලයි. පුංචි චන්දය තිබුණා නම් අන්ත පරාජයක් ලබනවා. ඒකෙන් බේරෙන්න තමයි තිබ්බේ නැත්තේ...
ඡන්ද පදනම හදාගන්න මිසක් මිනිස්සු ගැන හිතලා කල් දැම්මේ නෑ. ජනතාව බෙල්ල මුලටම හිරකළා...
හොඳ කියමනක් ජනපතිතුමනි...,
විශ්වාස කරන්න පුළුවන් දෙයක් කියනවාද?
අනේ යන්න..පරදින්න බයේ ඡන්දෙ නොතිය ඉදලා දැන් පොර ටෝක් දෙනවා..මිනිස්සු මැරුණත් බලය දෙන්න කැමති නෑ..පිනට ඇවිත් බොරු කතා කිවුවට
දැන් ඔබතුමාලා බිලියන ගණන් බලය ගන්න වියදම් කරන්නේ අපිට කන්න ඕන තරම් තියෙන නිසාද? යන්න සර් බයිලා නොකියා
කාලය කැප කළා කියන්නේ ගෑස් ගෙන්නපු එකටද? ඒකත් හැටහුටාමාරක් උපදේශකයෝ වටකරගෙනනේ කරලා තියෙන්නේ... නේද?
දැන් තීන්දුව ලැබිලා තියෙනවා. අපි එක හිතින් ගරු කළ යුත්තේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මිසක් මේ එක එක පුද්ගලයින් කියන මෝඩ පිස්සු මනස්ගාත කතා නෙවෙයි. ඕවා නිකන් මේ කිතුල් ගහට නැගපු මිනිහා කියපු කතා. ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළ කෙනෙකුට නීතියෙන් අත්වන දඬුවම් අදාළ වරද කරුවන්ට ලබාදීමට ඉදිරියේදී කටයුතු සිදුවිය යුතුයි.
පිනා හිතන් ඉන්නේ මිනිස්සු පට්ට මෝඩ ගොබ්බයින් කියලා. ඡන්දෙ කල්දැම්මේ ඇයි කියලා නොතේරෙන... පින් ජනාධිපති වුණු ගමන්ම, තියෙනවාටත් වඩා ලොකු බිල්ලෙක් මවලා පෙන්නුවා. විශාල දුර්භික්ෂයක් එනවා කිව්වා. වැල් පාලමේ යන්න වෙලා තියෙන්නේ කිව්වා. කරපු මගුලකුත් නෑ. ණය ගත්තා විතරයි. ඡන්ද තිබ්බෙත් නෑ. ණය ගෙව්වෙත් නෑ. ආර්ථිකේ වර්ධනේ වුණා කියන්නේ මොනවා කරලාද?
කටට එන ඕන දෙයක් වමාරනවා.. පළාත් පාලන ඡන්දේ තිබ්බේ නැත්තේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම පරදින බව බුද්ධි අංශ දැනුම්දුන්නු නිසයි. ඒ හැර වෙන දෙයක් නිසා නොවෙයි. ඡන්දය නොතිබීමෙන් රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලන්ඝනය වුණු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් තින්දුකලේ නිකම් නොවෙයි, නිතිඥයවරුන් ඉදිරිපත්කල සාක්ෂි රැසක් අධ්‍යයනය කිරීමෙන් පසුවයි. මෝඩයා ඒ තීන්දුවට විරුද්ධයි. මිනිහා කියන්නේ වෙන කතන්දරයක්. " ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරන්න කාලය යෙදෙව්වලු "කොහොමද කතාව? අපරාධය පසුපස දඬුවම කවදා හෝ එනවා...
ජනාධිපතිතුමනි, ඔබ හිතනවාද ඔබ දේවල් මේ රටේ මිනිස්සු විශ්වාස කරයි කියලා...?
මෙයාට 2x2 පොල්ලකින් සලකන්න ... ඔය ළඟ ඉන්න කවුරුවත් නැද්ද?
රටක් සාමාන්‍ය තත්වයන්ගෙන් ගිලිහී ගොස්, යුදමය හෝ ආර්ථික අභියෝගයන් ට මුහූණ දෙනවිට රටේ සාමාන්‍ය නීතියද අභියෝගයන්ට ලක්වන බව නොරහසකි. එවිට රාජ්‍ය නායකයෙකු සතු ප්‍රධානම, ප්‍රමුඛතම කාර්ය භාරය වන්නේ රටේ ජනතාව ජීවත් කරවීම මිස ඡන්ද තැබීම නොවේ. අරගලයකින් රට උඩු යටිකුරු කොට ඉල්ලා සිටියේ ඡන්දයක් නොව රාජ්‍ය පාලනයේ පූර්ණ ප්රතිසංස්කරණයක් බව සිහිපත් කළ යුතුයි. එබැවින් රටක අර්බුදකාරී අවස්ථාවක රාජ්‍ය නායකයෙකු ලෙස චර්චිල් මෙන්ම ස්ටාලින්ද ගත් ක්‍රියා මාර්ග තුළින් සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා නොවුණද, ගත් එම තීන්දු, තීරණ නිසා බහුතරයකගේ අයිතිවාසිකම් තහවුරු විය. අද ජ.වි.පෙ සහ සජිත් ප්‍රේමදාස ප්රමුඛ පාර්ශව විසින් උසාවි ගොස් ලබාගත් තීන්දු වලංගු නොවන්නේ එබැවිනි. රටක අධිකරණ ක්‍රියාවලිය ජනතා පරමාධිපත්‍යය උදෙසා වැදගත් මෙහෙවරක් ඉටුකරන නමුත්, එයට මිනිසුන්ගේ කුසගින්න නිමාකළ නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතුයි. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස තම අත්දැකීම් සහ පලපුරුද්ද භාවිතා කොට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග ස්වාභාවික යුක්ති ධර්මයේ නාමයෙන් අතිශයින්ම නිවැරැදියි...
නිකම් බොරු කියලා ජනතාව අන්දවන්න හැදුවාට වැඩක් නැහැ. ඡන්ද දිනය ප්‍රකාශයට පත්කරලා, දිස්ත්‍රික්ක බොහෝමයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කම් බලාගෙන උන්නේ අහවල් දේකටද? තමුන් කියපු කරපු දේවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..
රටේ තිබුණ තත්වය අමතකවූ බඩගෝස්තරය වෙනුවෙන්ම දේශපාලනයේ යෙදෙන අමනයින්ට තමන්ගේ ගෝලබාලයෝ රැකගන්න බැරිවුණාම මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා කියනවා රටේ ජනතා මතය විමසුවොත් පුංචි ඡන්දය අනවශ්‍ය බව පැහැදිලි වේවි. පළාත් පාලන ආයතනයක සේවය කළ කෙනෙක් හැටියට ඒවායේ සේවය කරන ඒවාට මුල් බැසගත් අයට උපතේ සිට මරණය දක්වා කටයුතු කරන ආයතන ලෙසට හැඳින්වීම කළත් ඔය ආයතන රටේ මුදල් නාස්තියක් මිස රටට කරන සෙතක් නැහැ. එනිසා ඔය අවිධිමත් පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනසක් කර විධිමත් පාලන ක්‍රමයක් හදන්න ඕනෑ.
පුංචි දරුවෙතුට වුණත් තේරෙනවා ඔය නූල් සූත්තර...
හේතුව වෙන මොකුත් නෙමෙයි එජාපය පරදින බව දන්න නිසා
පොහොට්ටු හිතවතුන් පරදින නිසා...
ඡන්දයක් තියන්න බැරි වුණා කියන්නේ තනිකරම පාලකයාගේ වරද, ජම්පරය ලෑස්ති කරලා තියාගන්න...
ඔව් ඉතින් කිතුල් ගහට නගපු එකාටත් කියන්න යම් දෙයක් තිබුනානේ
පරදිනබව පැහැදිලිවම දන්නා නිසා උප්පරවැට්ටි යොදල මැතිවරණය නැවැත්තුවා . ඒකට හේතුව ලෙස බොරු කෙප්පයක් කියනවා. හැබැයි දිනන බව දන්නවනම් මැතිවරණය ඉක්මනින්ම පවත්වනවා. එතකොට කියන්නේ අපිහරි ප්රජාතන්ත්රවාදීයි. නියමිත කාලවලට මැතිවරණ තියනවා කියලයි.
බැරිවුනේ රාජපක්ෂ හොරුරැල නැවත ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවෙන් සහ ජනතාව එලවපු ආන්ඩුව නැවත බිහිකිරීම, ජනතාව ප්‍රතික්ෂේප කරපු උන්ගේ විනාශවූ දේපල වෙනුවෙන් වන්දි ගෙවී,ම රජයේ හමුදාවේ පොලිසියේ උසස් නිලතල හොබවන නිලධාරින් සතුටු කිරීම වෙනුවෙන්, අල්ලස් දීම, තමාගේ උසස් යැයි කියාගන්නා මෝඩ ගොබ්බ චරිතය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පමණි. ජනතාව තාමත් එකවේලක් හොයාගන්නේ අමාරුවෙන්
ටයි කෝට් දාගෙන හිටියාට වැඩක් නෑ...
ජනාධිපතිතුමා කියන දේ සියට දාහක් ඇත්ත. ඒ වෙලාවේ කෝටි දහදාහක් තියා කෝටියක්වත් තිබුනේ නෑ ඡන්ද වලට වියදම් කරන්න. කඩවල් වහලා මිනිස්සුන්ට කන්නත් නැතුවයි හිටියේ. රටම කළුවරේ. පොදු ප්‍රවාහනයත් ඇණ හිටලා තිබුනේ. ඒත් එයින් අදහස් වෙන්නේ නෑ උසාවි තීන්දුව වැරැදියි කියලා. ඒත් උසාවිය තීන්දු දීමේදි සලකා බලන කරුනුයි ප්‍රායෝගික ලෝකයේ සිද්ද වෙන දේවලුයි අතරේ වෙනස්කම් තියෙනවා. ඉස්සෙල්ලා මිනිස්සු ජීවත්වෙලා ඉන්න එපැයි මොනා කරන්නත්...
සමහර මිනිස්සුන්ට තවම කිසිම අවබෝධයක් නෑ.. ආර්ථිකයක් ගැන. ඡන්දෙ තියන්න සල්ලි තිබුණේ නෑ. ඒත් රට සවාරි වලට ලක්ෂ 2000ක් වෙන් කරගත්තා. රාජ්‍ය පරිපාලන වියදම් වැඩි වුණා. තවම ඩොලර් බිලියන 4ක ණයත් ගත්තා. ඒත් ආර්ථිකය හැදුවලු... මේවා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට...
අනේ යන්න...
අපි හිතුවෙ රනිල් කියන්නෙ ප්රජාතන්ත්රවාදී නායකයෙක් කියලා . ඒත් අධිකරනයට අභියෝග කරාම ඔක්කොම උන් එකයි කියලා තමා කියන්න වෙන්නෙ...