රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව අමතනු ලබයි. 07 November 2024
‘නැණ ඉසුර අරමුදලට’ කස්සප නාහිමිගෙන් කෝටියක් අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති සහ බර්මින්හැම් මහාවිහාරයේ විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමියෝ, ගල්බොඩ ඥණීස්සර නාහාමි අනුස්මරණ ‘නැණ ඉසුර’ ශිෂ්‍යත්ව අරමුදලට රුපියල් කෝටියක් පරිත්‍යග කළහ. 07 November 2024
පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක් පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි 07 November 2024
’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති දුපතට’’ හිමි රන් සම්මානය දින ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. 07 November 2024
ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි 07 November 2024
ලග්ගල පතලකට යට වී අයෙක් මරුට මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි. 07 November 2024
ලොහාන් යුවළ යළි රිමාන්ඩ් කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ රෂි ප්‍රභා රත්වත්තේ යන දෙදෙනා ලබන 18 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය. 07 November 2024
උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (6) පැවසීය 07 November 2024
ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර්යයේ නියැලෙන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේ ස්ථාපිත මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකය කියයි . 07 November 2024
ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය. 07 November 2024
යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරියාවේ කේ.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 07 November 2024
මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද (6) පැවසීය. 07 November 2024
උසස් පෙළට දින දෙයි අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 07 November 2024
කමලා හැරිස් පරාජය බාරගනී ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය. 07 November 2024
යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක් යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය පවසයි. 07 November 2024
‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘ දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය. 07 November 2024
ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. 07 November 2024
ඡන්ද කාඩ් බෙදීම අදින් අවසන් පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මඟින් නිවෙස් වෙත බෙදීම අදින් (07) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 07 November 2024
’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ නීතිඥ හමුවකදී ප්‍රශ්න කළේය. 07 November 2024
පාසල් සිසුවාට පහරදුන් සෙබලු තිදෙනා අත්අඩංගුවට පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි. 07 November 2024
තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 07 November 2024
තැනින් තැන විටින් විට වැස්ස උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 November 2024
දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම් බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 06 November 2024
රනිල් ට්‍රම්ප්ට සුබ පතයි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් සුබ පැතුම් පළ කර තිබේ.රනිල් 06 November 2024
ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප්රියක් සිය බාරයට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි. 06 November 2024
ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට වරදකරුවන් බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඔවුන්ට වසර 35 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 06 November 2024
“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න” මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට අද (6) උපදෙස් දී ඇත. 06 November 2024
කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 06 November 2024
ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි. 06 November 2024
දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ. 06 November 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026