ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ. 18 May 2024
බාර් පර්මිට් ගත්ත අයට සජිත්ගෙන් රතු එළියක් මැතිවරණ කාල සීමාවක සිය හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබා දුන් පුද්ගලයන්ට එරෙහිව මේ වසර අවසන් වීමට පෙර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 18 May 2024
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වාර්තාව ලබන සතියේ ජනපතිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වල පොලී අනුපාත සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය.. 18 May 2024
අපේ මුහුද ගැන බලන්න අපේම පරීක්ෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාව අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතාට දැනුම් දුන්නේය. 18 May 2024
ජාතික විගණනය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්නයි ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත. 18 May 2024
දේශපාලන රැස්වීම්වලට ග්රාමසේවකලා නැතිලු දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. 18 May 2024
නාවික හමුදාවේ 3,146කට උසස්වීම් කොටි ත්‍රස්තවාදය පැරදවා වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කරන 15 වැනි රණවිරු සමරුවට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 කට උසස්වීම් දුන් බව නාවික හමුදාව පැවසීය. 18 May 2024
උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත. 18 May 2024
මත් කුඩු කිලෝ 450ක් අද වනසයි පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී සිදුකෙරේ. 18 May 2024
වැස්ස ඉදිරියට වැඩි වෙන හැඩ ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිපයේ බලාපොරොත්තුවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 May 2024
ඩිනාරා ආසියාවේ ප්‍රබලයන් අතරට ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’’30 අන්ඩර් 30 ඒෂියා’’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය සමත් වූවාය. 18 May 2024
හමුදා සෙබළාට සමාව දුන්නාට ප්‍රකාශයක් දෙන්නැයි ගෝඨාට දන්වයි යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක නමැත්තාට ජනාධිපති සමාව දී නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද නොතීසි නිකුත් කළේය. 17 May 2024
ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි මානව හිමිකම් සංවිධානය ලංකාවට කියයි දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. 17 May 2024
හොර වෙද්දු ගැන කියන්න අංකයක් නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ 17 May 2024
ඉලක්කයට වෙඩි තියන්න ගිය පී.සී.වැවේ ගිලේ ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුහුණුවට හුළුගල්ලේ පොලිස් වෙඩි පිටියට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිකවැරටිය මාගල්ලේගම වැවේ නාමින් සිටියදී සිහිසුන්ව දියේ ගිලී සිටියදී නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි නිකවැරැටිය මූලස්ථාන පොලිසිය පවසයි. 17 May 2024
ක්‍රිකට් තවත් කළමනාකරුවෙකුට අධි චෝදනා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා ආකාශ් සැකකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද (17) පැවසීය. 17 May 2024
ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති නිසා එම මාර්ගය අද 17 රාත්‍රී අටේ සිට හෙට අලුයම හය දක්වා වසා තැබීමට තීරණය කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 17 May 2024
චන්ද්‍රිකා ඉන්දුනීසියාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය. 17 May 2024
රාජ්‍ය සේවක වැඩ ගැන සමීක්ෂණයක් අවශ්‍යයි දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා පැවසීය. 17 May 2024
තායිවාන පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් ව්‍යස්ථාදායක බහුතරය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ සූදානම් වෙද්දී එරට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතිවූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් මන්ත්‍රීවරුන් කෑ ගසමින්, එකිනෙකා තල්ලු කර ගනිමින් සහ එකිනෙකාට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 17 May 2024
‘‘බැසිල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නැතිලු‘‘ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි. 17 May 2024
රණවිරු සැමරුමට රථවාහන සැලැස්මක් 15 වැනි රණවිරු දින සැමරුම් උත්සවය සැමරීම හේතුවෙන් අනිද්දා (19) පස්වරු 3.00 ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව, පිටවීමේ වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. 17 May 2024
මැතිවරණ කොමිසමෙන් අගමැතිට ඉල්ලීමක් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් පළාත් පාලන අපේක්ෂකයන්ගේ ගැටලුව විසඳෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම්දි ඇත. 17 May 2024
ජනපති ත්‍රීරෝද රියට බහී කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 May 2024
පොලොන්නරු ගොවියාට කෝටි 10ක කුඩු තැපෑලෙන් ඇවිත් රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, පුලියක සගවා ලතින් ඇමෙරිකාවේ ගෝතමාළා රාජ්‍යයේ සිට කටුනායක, සීදුව කළම්බු කාර්ගෝ බන්ධිත ගුදම් ගබඩා සංකීර්ණය වෙත කූරියර් පාර්සල් සේවය ඔස්සේ ගුවන් තැපැල් මගින් එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 17 May 2024
හදිසියට ගෙනා බෙහෙත් තිස් අටෙන් දහයක්ම වැඩකට නැති ඒවා උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟයක් නිර්මාණය වන බව පවසමින් වෛද්‍ය සැපයුම් අංශය සැවොරයිට් සමාගමට ඇණවුම් ඉදිරිපත් කර ඇති ඖෂධ තිස් අටෙන් දහයක්ම අත්‍යවශ්‍ය ඖෂධ නොවන බව ජාතික විගණන කාර්යාලය පවසයි. 17 May 2024
විධායක කමිටු අනුමැතිය දෙන්න එකඟ නිර්දේශ ක්‍රියාත්මක කරන්න දෙවැනි සමාලෝචනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විධායක කමිටුවේ අනුමැතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතු බව එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය. 17 May 2024
රතුපස්වල නඩුවෙන් හිටපු මේජර් ඇතුළු 4ක් නිදොස්කොට නිදහස් වැලිවේරිය නගරයේදී රතුපස්වල ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ නඩුවෙන් හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේය. 17 May 2024
කරදගොල්ල නායයාම යළි සක්‍රීය වෙයි වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින අතර මේ වන විටත් එහි පස්තට්ටු , මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගලායමින් පවතින හෙයින් ඇල්ල වැල්ලවාය මාර්ගයට දැඩි අවදානම් තත්ත්වයක් උදා වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද (17) පැවසීය. 17 May 2024
යුක්රේන යුද්ධයට දේශපාලන විසඳුමක් ඕනෑ යුක්රේනය යුද්ධය නවත්වා, දේශපාලන විසඳුමකට යන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ, චීනයේ දෙදින නිල සංචාරයක යෙදෙන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා කරමිණි. 17 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025