
(ෂේන් සෙනෙවිරත්න සහ ධම්මික ගුණවර්ධන)
තෙල්දෙණිය පොලිසිය විසින් පාසල් සිසුන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී ව්‍යාජ 5000 නෝට්ටු 57 ක් සොයාගත් බව පොලිසිය කියයි.
දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු තෙල්දෙණිය පොලීසියට සිදු කරන ලද දැනුම් දීමකට අනුව එම සිසුන් එසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිසුන් සිව් දෙනා දිගන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පැමිණ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබාදුන් 5000 නෝට්ටුවක් ව්‍යාජ එකක් බවට හැඟී යාමෙන් පසු එම ව්‍යාපාරිකයා තෙල්දෙණිය පොලිසියට ඒ බව දැනුම් දී තිබේ.
එසේ අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා වයසස අවුරුදු 15 - 16 වයසේ පසුවන්නන් බවද පොලිසිය කියයි.
7 සිසුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම සිසුන් පවසා ඇත්තේ අඳුනන මාමා කෙනකු භාණ්ඩ මිලදී ගැනීම සඳහා එම මුදල් නෝට්ටු ලබා දුන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd