(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සමෘද්ධි සහායකවරයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර පෙදරේරුවකු හා මාළු ව්‍යාපාරිකයකු ද වන බවත් මොවුන් පාදුක්ක සහ මීගොඩ පදිංචි වයස අවුරුදු 22 - 38 අතර පසුවන අය බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවකු වෙඩික්කරු සමඟ පැමිණි පුද්ගලයකු බවත් අනෙක් පුද්ගලයන් දෙදෙනා ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් අය බව පොලිසිය කියයි.
එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර මීගොඩ පුවක් වත්ත ප්‍රදේශයේදී වෙඩික්කරු අත්අඩංගුවට ගත් අතර යුද හමුදාව සේවයෙන් පලා ගිය අයකු වන අතර ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අසල්වාසී නිවසක පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඝාතකයා හරියටම තහවුරු නම්, කොන්ත්‍රාත් එක දුන්නේ කවුරු උනත් එල්ලුවනම් මේ කොන්ත්‍රාත් කාරයො බය වෙනවා ...දෙකක් එල්ලන්න තියෙන්න බලන්න පුලුවන් වෙනස....කොහෙද මාසයයි, දෙකයි ඇප දුන්න බඩු එලියෙ