
(අංජුල මහික වීරරත්න)
සොර සතුරන්ගේ ග්‍රහණයට නතුවී ඇතැයි කියන මාලඹේ සිට අඹතලේ දක්වා වන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ප්‍රදේශයේ පොලිසිය ඇතුළු අදාළ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය.
සොරුන් මේ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන පවා කොල්ලකන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව ආණ්ඩුකාරවරයා මෙම පියවර ගෙන තිබේ.
චන්ද්‍රිකා කුමාරතුංග මාවත ආශ්‍රිත ප්‍රදේශයේ පොලිස් මුර සංචාර වැඩි කිරීමටත්, මාර්ගයේ පිවිසුම් දෙපස ආරක්ෂාව වැඩි කිරීමටත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රදේශයේ පොලිස් නිලධාරින් අතර පැවැති සාකච්ඡාවේ දී එකඟ වූ අතර CCTV කැමරා පද්ධතියක් සවි කිරීම, විදුලි පහන් කණු සවි කිරීම, අදාළ ස්ථානයන්හි පොලිස් මුරකුටි ස්ථානගත කිරීමටද තීරණය වී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන මෙම ප්‍රදේශය මුල්ලේරියාව සහ මාලඹේ ප්‍රාදේශීය සභා යටතට පැවරීම කෙරෙහි ද අවධානය යොමු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පමා වෙලා උනත් මේ වගේ හොඳ වැඩ කෙරෙන්නම ඕන අනිවාර්යෙන්ම
හොඳ වැඩක්