
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන නත්තල් කැරොල් ගී ප්‍රසංගය කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ජනාධිපති කාර්යාල පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශය විදුලි පහන් ආලෝකය දල්වා නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ සමාරම්භය සනිටුහන් කෙරුණ අතර නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ශ්‍රී ලංකා යුද හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලැබීය.
මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 25 වැනි දා තෙක් දිනපතා රාත්‍රී 7.00 සිට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වේ.
අද (23) දිනයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය මංගල ගාථා කිව්වේ නෑ සල්ලි ඉතුරු කරගන්න කියලා. සමහර විට ඒ සල්ලි ඉතුරු කරන්න ඇත්තේ කැරොල් කියන්න වෙන්න ඇතිනේ...!