(ජේ.ඉඳුරුවගේ )
උත්සව සමය අවසන් වන තුරු අද (23) සිට පැය 24 ම ආවරණය වන පරිදි දිවයින පුරාම රථවාහන පොලිස් නිලධාරීන් යොදවා මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළුව සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් උත්සව සමයේ අනතුරු අවම කර ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
මෙහිදී ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කර මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර හා මාර්ග නීති උල්ලංඝනය කරමින් අන්තරායදායක ලෙස රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පැවසීය.
මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් 119 හා 1997 යන කෙටි දුරකථන අංකවලට හෝ පොලිස් කොට්ඨාස භාර නිලධාරින්ගේ ජංගම දුරකතන අංක වෙත මෙන්ම රථ වාහන මූලස්ථානයේ සහ කොළඹ නාගරික ,බස්නාහිර පළාත උතුර සහ දකුණ යන රථ වාහන කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන්ගේ 0718591967,0718591741 , 0718592857, 0718592278 යන ජංගම දුරකතන අංක වෙතද තොරතුරු ලබා දිය හැකිය.
එමෙන්ම මාර්ග නීති රීති උල්ලංඝන කිරීම් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් ඇති වීඩියෝ පට ඇත්නම් ඒවා වට්ස්ඇප් මඟින් එම දුරකථන අංක වෙත යොමු කිරීමට හැකියාව පවතින බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1997 දුරකථන අංකවලට ගත්තම එතන ඉන්න අය හරියට උත්තර දෙනවද? පිං පඩි ගන්න නිදිමතයෝ කට්ටියක් ඉන්නේ.