ටේලර් ස්විෆ්ට් ප්‍රසංගයට බෝම්බ ගහන්න හැදූ දෙදෙනක් කොටුවෙති ඇමෙරිකන් පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ සංගීත ප්‍රසංග මාලාවක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනකු ඔස්ට්‍රියා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි. 08 August 2024
“ගාසා හි ළමා අරමුදලට” ඇමරිකා ඩොලර් පන්ලක්ෂ අනූදහසක් “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක (590,000/-) මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් බාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දි සිදු කෙරිණි. 08 August 2024
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 සිට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 6 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ලංකාදීපයට පැවසීය. 08 August 2024
වෛද්‍ය පනත් කෙටුම්පත සම්මතයි වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සංශෝධන සහිතව සම්මත විය. 08 August 2024
‘නාමල් කලබල වුණා වැඩියි‘ ‘බුදු රාජාණන් වහන්සේ උත්පත්තිය ලබන්න පෙර පස්මහ බැලුම් බැලුවා.විශේෂයෙන්ම දේශය හා කාලය බැලුවා.නාමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට තරග වැදිමට ගත් තීරණය දේශයටත්,කාලයටත් යන දෙකටම හොද නැහැ. හදිස්සි වුණා, කලබල වුනා වැඩියි‘ එම තීරණය කාලෝචිත නොවන එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය. 08 August 2024
රෝහල්වල බෙහෙත් 52 ක හිඟයක් රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රෙම්ෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසිය 08 August 2024
පවිත්‍රාත් පනියි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහාය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ. 08 August 2024
නිදි මතේ පැදවු මොටෝ රිය වහලක් උඩ මොරවක අලපදෙණිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් අඩි 25 ක් පමණ ඉවතට පැන නිවසක වහලය මතට වැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරවක පොලිසියේ රථවාහන අංශය පවසයි. 08 August 2024
සමගි ජන සන්ධානය කොළඹදී එළිදක්වයි සමගි ජන බලවේගය ප්රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (8) එළි දැක්විණ. 08 August 2024
දේශීය පොල්තෙල් කර්මාන්තය රකින්න යෝජනාවලියක් දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්ත ශාලා 3000ක් රැක ගැනීම සඳහා ඉදිරියේ දී සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 08 August 2024
ඔන්ලයින් පනත් කෙටුම්පත මැතිසබයට මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් ගැටුම්පත පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කෙරිණ. 08 August 2024
සුමනා නෙල්ලම්පිටිය හඬ නිහඬ වෙයි ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ ප්‍රථම නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වූවාය 08 August 2024
වාස් ගුණවර්ධන ඇතුළු හය දෙනාගේ මරණ දඬුවම තහවුරු කරයි මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කරනු ලැබීය. 08 August 2024
ක්‍රිකට් වීරවරියන්ට මැතිසබයෙනුත් මල් මිටක් රටට ආඩම්බරයක් ඇති කරමින් ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රිකට් කුසලානය දිනා දුන් චමරි අතපත්තු ඇතුළු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම් පිරිනමන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 August 2024
එමිල් රංජන් නිදොස් කොට නිදහස් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය. 08 August 2024
ගින්න නිවන්න ගිය නිවෙස් හිමියා විදුලි සැරෙන් මරුට දංකොටුව බුජ්ජම්පොල ප්‍රදේශයේ නිවසකට එකවර පැතිරගිය ගින්නක් නිවීමට කටයුතු කරමින් සිටි එම නිවසේ නිවෙස් හිමියා ගින්නෙන් කඩා වැටුණු විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 08 August 2024
සැඟවූ රන් කල්පිටියේ කළපුවකින් මතුවෙයි රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකට වැඩි වටිනාකමකින් යුත් රත්රන් තොගයක් කල්පිටිය තොරඅඩිය කලපුවේ ගිල්වා සඟවා තිබියදි සොයාගෙන තිබේ. 08 August 2024
උඩරට දුම්රිය ධාවනයට බාධා කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ එන්ජිම ක ඇති වූ හදිසි කාර්මික දෝශයක් නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ හැටන් රොසැල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී අද (8) අලුයම දුම්රිය අතර මග ඇණහිටීමෙන් රොසැල්ල හැටන් අතර දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 08 August 2024
නොරොච්චෝලේ රිය අනතුරකින් 5ක් රෝහලේ නොරෝච්චෝල මාම්පුරියේදී සිදුවු ත්‍රි රෝද රථයක් හා යතුරු පැදි දෙකක් ගැටි සිදුවු අනතුරින් තුවාල ලැබු පස් දෙනෙකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කළ බව නොරෝච්චෝල පොලිසිය කියයි. 08 August 2024
තැනින් තැනට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 August 2024
පොලිස් මාර්ග බාධකයේ කළබලයෙන් වෙඩි වැදි අයෙක් මරුට කොටු ගොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් හා පොර බදා ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයකු වෙඩි වැදී බරපතල තුවාල සහිතව මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතිඅතර පොලිස් නිලධාරියකුත් තුවාල ලබා ඇතැයි සී දුව පොලීසිය කියයි . 08 August 2024
ජනහිතකාමී යතිවරයාණෝගේ සත් දින බණ අද කොළඹ 02 හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූ කොළඹ නවකෝරලයේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ සත්දින මතක බණ පින්කම එම විහාරස්ථානයේදී අද(07)දා රාත්‍රී පැවැත්විණි. 07 August 2024
අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මහාචාර්ය මුහම්මද් යූනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද(08) රාත්‍රී 8ට දිවුරුම් දෙනු ඇතැයි එරට හමුදා ප්‍රධානි ජෙනරාල් වකර් උස් සමාන් ප්‍රකාශ කළේය. 07 August 2024
පිරමීඩ ලොක්කෙක් ඉඩම් 16ක් අරන් ’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කල මුදල් යොදවා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 16ක් මිලදීගෙන ඇති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරනු දක්වමින් අද (07) පැවසීය. 07 August 2024
පරිගණක උපාංගවල සැඟවූ අයිස් තොගයක් සොයා ගනී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 කට වැඩි ප්‍රමාණයක් පරිගණක උපාංග තුල සඟවා මෙරටට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ. 07 August 2024
සජබ-ශ්‍රිලනිප අවබෝධතා ගිවිසුමකට අත්සන් කරයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය අතර අවබෝධතා ගිවිසුමකට කොළඹදී අද(7) එළඹිණ. 07 August 2024
මත්කුඩු ඡාවාරම්කාරිය පොලිස් දැලේ මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් අටක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 57 ක මුදල් එම ගිණුම් හරහා සංසරණය කරගත් කාන්තාවක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 07 August 2024
ඡන්ද පැමිණිලි 121ක් ජනාධිපතිවරණයට අදාල මැතිවරණ උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 121ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබි ඇතැයි එම කොමිෂන් සභාව සදහන් කරයි. 07 August 2024
GMOA - අනුර අතර හමුවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ සවස (06)පැවැත්විණි. 07 August 2024
’’අවාමි ලීගයේ 20ක් මරලා’’ බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී පළා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනකු ඝාතනයට ලක්වී ඇති බවත් ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශය විවිධ ප්‍රදේශවලදී සොයාගෙන ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 07 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026