(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුව උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කීපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොළගේ මහතා පැවසීය.
මෙම වැඩසටහන යටතේ මේ මස 27 වැනිදා රාත්‍රී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ද, බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දකවා ද, විශේෂ දුම්රිය දෙකක් ධාවනය කරන බවත් 28 වැනිදා පෙරවරුවේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, 29 වැනිදා රාත්‍රී බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රියක් ධාවනය කරන බවත් ඒ මහතා කීය.
එම දුම්රියවලට අමතරව යාපනය දක්වා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කරන බවත් යාල්දේවී සීඝ්‍රගාමී දුම්රියට අමතර මැදිරි කීපයක් එක්කර ධාවනය කරන බවත් ඉඳිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd