
(ජේ. ඒ.එල්. ජයසිංහ)
ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 58 ක් ලඟ තබාගෙන එම මුදල් නෝට්ටු දී කිසියම් භාණ්ඩයක් මිළදී ගැනීමට යාමේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගත් පාසල් ළමුන් සිවුදෙනා ඇප මත මුදාහල තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී ජයවර්ධන මහත්මිය ටෙලිනාට්‍යක් සඳහා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ලඟ තබාගත් බව කියන ටෙලි නාට්‍ය සම අධ්‍යක්ෂවරයා සහ කලා අධ්‍යක්ෂවරයා දෙසැම්බර් මස 30 වන දින තෙක් රක්ෂිත බාරයේ තබන්නැයි නියෝග කළාය.
තෙල්දෙණිය පොලීසියේ විශේෂ අපරාධ විමර්ශණ අංශය මගින් මෙම සිද්ධියට අදාළ කරුණු අධිකරණයට වාර්තා කර සැකකාර පාසල් ළමුන් සහ අනෙක් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරනුලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd