
(අංජුල මහික වීරරත්න)
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ඒ. ජගත් වී. ඩයස් මහතාගේ සේවා කාලය 2024-12-31 දින අවසන් වීමට නියමක අතර 2025-01-01 දින සිට එකී තනතුරට සුදුසු නිලධාරියෙකු පත් කළ යුතුව ඇත. දැනට ත්‍රිකුණාමලය පරිපාලක
දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි චාමින්ද හෙට්ටි ආරච්චි මහතා එම තනතුරට පත් කිරීම සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව ඔහු 2025-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කනතුරට පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටනම් සිදුහත් කුමරා බලන්න ආපු අසිත තාපසයා මතක් වුනා. ඒ වෙලාවෙ එම තාපසයා කල ක්‍රියාව කරන්න විශ්‍රාමිකයින් කැමතිවේවි. නමුත් නව අධ්‍යක්ෂ ජෙනරාල්තුමාත් අසිත තාපසතුමා දෙවනුවට කල ක්‍රියාව නොකරාවි කියලා හිතෙනවා