IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘කුෂ්‘සඟවා පැමිණි විදේශිකයා කටුනායකදී මාට්ටු

(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටියක් පමණ වටිනා " කුෂ් '' මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණි   විදේශිකයෙකු , ඒවා  කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී , ඊයේ (23 ) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 34 හැවිරිදි රුසියානු ජාතික තොරතුරු තාක්ෂණ නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙකි.  මොහු මීට අමතරව  මෙම කුෂ් මත්ද්‍රව්‍ය වගා කර , සකස් කර , ලොව පුරා රටවල් අතර බෙදාහැරීමේ ජාවාරමක ද නිරත පුද්ගලයෙකු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ වූ ස්පොන්ජ් යොදා සකස් කළ , නිදා ගැනීමට භාවිතා කරන කොට්ටයක් තුළ , මෙසේ අත් අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 50 ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගය සූක්ෂම ලෙස සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 



අදහස් (0)

‘කුෂ්‘සඟවා පැමිණි විදේශිකයා කටුනායකදී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site