IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මොනරාගල වන රක්ෂිත 147 කට අයත් හෙක්ටයාර 25,882 ක් ගැසට් කර නෑ

(ජේ.ඉඳුරුවගේ )

මොනරාගල දිස්ත්‍රික්කයේ   රක්ෂිත  147 කට  අයත් වන බිම්  හෙක්ටයාර 25,882  ක්  වසර කීපයක් තිස්සේ  රක්ෂිත වනාන්තර ලෙස ගැසට් නොකිරීමෙන්  එම රක්ෂිත  ආශ්‍රිතව අනවසර ඉඩම් අල්ලා ගැනීම් බහුල වී ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින්  අනාවරණය කරයි.

මෙම තත්වය හේතුවෙන් දිගු කලක සිට  කැබලිත්ත රක්ෂිතයේ පමණක් අක්කර 25,000 කට ආසන්න වනාන්තර බිම් ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනයෙන් බැහැර කිරීමට සිදුව ඇතැයිද විගණනය පෙන්වා දෙයි.

මෙකී වනාන්තර රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කර ප්‍රසිද්ධියට පත් නොකර  රක්ෂිත බවින් නිදහස් කිරීමට සිදුවීමෙන් පවතින ස්වාභාවික වනගහන ප්‍රතිශතය ක්‍රමයෙන් පහළ බැසීම තුළින් මෙරට  තිරසර සංවර්ධන අරමුණු කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවද විගණනයෙන් පෙන්වාදෙයි.

මේ අනාවරණය සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිතුරු සපයා නැති අතර මෙකී රක්ෂිතයන් මැනීම හා ගැසට් මගින් අයිතිය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම්කර වන විනාශය මගහරවා ගත යුතු බවට විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.



අදහස් (0)

මොනරාගල වන රක්ෂිත 147 කට අයත් හෙක්ටයාර 25,882 ක් ගැසට් කර නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site