
(ගයාන් සූරියආරච්චි )
මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරනු ලබන ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක්, උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි.
එහිදී, මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි මෙම ඉන්දීය ධීවර යාත්‍රා දෙක මෙලෙස අත්අඩංගුවට ගැණින.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනා තලෛමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd