
(සුජිත් හේවාජුලිගේ)
රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණ කරමින් සිටින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් දැනුම් දුන්නේය.
නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපතිවරයාගේ දැක්ම අනුව කටයුතු කරමින් දුෂණ සහ අක්‍රමිකතා මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහුට එම කටයුතු අවසන් කිරීමට කාලයක් දිය යුතු බවත් සංගමයේ සභාපති ඩී.ජී.ඒ උඩුගම මහතා පැවසීය.
නීතියට පටහැනිව මත්පැන් බලපත්‍ර ලබාදීමේ සහ කංසා වගා කිරීමට නීති ගෙන ඒමේදී නිහඬව සිටි මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ ජාතික සංඝ සම්මේලනය නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සාධනීය ක්‍රියා කලාපය විවේචනය කිරීම ඉතාමත් කණගාටුදායක බවද ඔහු පෙන්වා දුන්නේය.
සුරා බදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන එම සංගමය එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අද මහා පරිමාණයෙන් සහල් සහ සීනි භාවිතා කරන බවද පෙන්වා දෙයි.
දැනට වෙළඳපොළේ ඇති නිත්‍යානුකූල බියර්වල ප්‍රමිතිය ගැන නිසි විමර්ශනයක් කළ යුතු බව උඩුගම මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බියර් නිෂ්පාදනය සඳහා සහල් භාවිතාව තහනම් කර නියම බියර් මල් වලින් නිෂ්පාදනය කිරීමට බලකළ යුතුයි.
නිතීවිරෝධි විෂ මත්පැන් බීම අවම කිරිමට මෙමඟින් හැකියාව ඇත
දැනට පවතින සුරා බද්ද අරක්කු බෝතලයේ මිලෙන් 85%ක් පමණ බව ඇත්තද? එසේ නම් අඩුමිලට දීමට ඇල්කොහොල් සාන්ද්‍රණය අඩු නොකර සහ බදු අඩු නොකර බෑ නේද?
ඔය මොකුත් නැහැනේ මිනිස්සුන්ට කස්සිපු වල තියෙන විෂ පෙරලා ඉවත් කරගෙන බොන්න ෆිල්ටරයක් හදලා දුන්නනම්. මත්පැන් කොහොමත් ශරීරය ට අහිතකර ය්. නොබී ඉන්න එක තමයි හොඳ.
වැඩියෙන්ම /දිනපතාම කරටි කැඩෙන්න ගහන එකා බේබද්දා... එයාගෙන් රජයට ඔටෝමැටික් බදු එනවා මොකද මිනිස්සූ කියන්නේත් බේබද්දා කියලානේ. අරක්කු බොන කෙනාගේ මනුස්සකමක් තියනවා නොබොන වෙලාවට...!
බොන කෙනා බොයි... නොබොන එකා නොබොයි... බිව්වත්, නොබිව්වත් එක එකා මැරෙන දවසට මැරෙනවා.
ඇල්කොහොල් මීටරයක් මිනිස්සුන්ට ලබාදිය යුතුයි. මාස්පතා ගෙවීමේ ක්‍රමයට...!