
(යොහාන් භාසුර)
අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී වාර්තාවල කරුණු වසන් කරමින් මහජන ආරක්‍ෂක ඇමැතිවරයා සහ වර්තමාන ආණ්ඩුව හමුදා ආරක්‍ෂාව ඉවත්කරමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම අනතුරේ හෙළීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා අද (23) පැවසීය.
පාතාල සහ එල්.ටී.ටීඊ. යන තර්ජන ඇතුළු සියලුම පාර්ශවලින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ජීවිතයට ඇති තර්ජනය අඩුවී නොමැති යැයි බුද්ධි අංශ වාර්තා කර බවත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ජීවිතයට ඇති තර්ජනය සහ ඔහුගේ ආරක්‍ෂාව අඩු නොකළයුත්තේ ඇයි දැයි බුද්ධි වාර්තා 13 ක් පෙන්වා දී ඇති බවත් ගමගේ මහතා කීය.
ප්‍රභූ ආරක්‍ෂාව සම්බන්ධයෙන් නැවත සළකා බැලීමට පත්කළ කමිටුව පස්වැනි විධායක ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසයේ 5 වෙතින් ජීවිත තර්ජන පිළිබඳව වාර්තාවක් කැඳවූ බවත් එහි එම සියලු තර්ජන පිළිබඳව වාර්තා කර ඇති බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වාර්තාව ගෙදර කෙනාත් එක්ක එකතු වෙලා මෙයා තමයි හැදුවේ. ඉතිං ඇත්තම වෙන්න ඕනෑ. තව ග්‍රාමාරක්ෂක දෙන්නෙක්වත් දෙන්න ආරක්ෂාවට...!
හොරකම් කළ සල්ලි වලින් ආරක්ෂාව ගන්න.
මහින්ද රාජපක්ෂ කියන්නේ පුටින් නෙමෙයි, අනික ඉරාකයේ, සිරියාවේ ත්‍රස්තවාදීන්ට මොකටද මහින්ද රාජපක්ෂ? මේවා තනිකරම රාජපක්ෂලාගේම සෙල්ලමක්...
හෙණම ගහන්න ඕනෑ...
සරත් ෆොන්සේකා..?
දැන් ඉතින් ඕවාවත් විකුණන්න. යුද්ධය හමාරවී අවුරුදු 15ක් වෙනවා. ජනපතිකම නැතිවී අවුරුදු දහයක් වෙනවා. දැන් මොන තර්ජනද? ඔයා නැති කිරීමෙන් කිසි කෙනෙකුට වාසියක් නැහැ. වාසියක් වුනොත් එය විකුණාගෙන කන්න ඉන්න ඔබ වැනි අයට පමණයි...
ත්‍රස්ත කල්ලියක් හො පාතාල කල්ලියක් හෝ කරා කියා, නාකි මයිනාගම දාමරිකයෙක් ලවා ඔහු පරලොව යවා, වැරැද්ද AKD පාලනය පිට පැටවීමට තරම් කුල්ල කුජීත දාමරිකයන් MR වටා සිටින බව ප්‍රසිද්ධ රහසකි. ඔහු මැරෙන තුරුම රාජ්‍ය ආරක්ෂාව දිය යුතු නැත. ඔහුට ආයුධ ගබඩාවක් සහිත පුද්ගලික (දාමරික) හමුදාවක් තිබෙන බව නිතරම වගේ අසා තිබෙනවා. එහෙම කෙනෙකුට රටවැසියා ගෙවන බදු මුදලින් රට රකින හමුදාවේ ආරක්ශාව කොහෙත්ම ඕනෑ නැත.. !!!
ඔය කියන සංවිධාන දැන් ගැරඬි මරන්නේ නෑ. ඩ්‍රොන එකට යන සල්ලි අපරාදෙ නිසා...
හෙට අනිද්දාට මැරෙන්න ඉන්න මනුෂ්‍යයාට මොකටද ආරක්ෂාවක්..? රටට කෙලවලා පරම්පරා ගාණකට හම්බකරලා උපරිමයෙන්ම සැප විඳලා අවසන් කාලෙට දෙපැත්තෙන් වත්තන් කරගෙන යන මනුෂ්‍යයාට මොකටද ආරක්ෂාවක්...
දැන් කාගෙන්ද මේ ආරක්ෂා වෙන්න යන්නේ? එයාම කියනවානේ ත්‍රස්තවාදේ ඉවර කළා කියලා...?
මෙයාට දැන් වැඩි කරන්න ඕනෑ ළඟ ඉඳන් සලකන සාත්තු සේවකයින් පිරිසක්. හමුදාව මොකටද නිකන් දාලා ඉන්නේ...
මෙයාටයි, මෙයාගේ සාපලත් පවුලේ එවුන්ටයි... ආරක්ෂා වෙන්න වෙලා තියෙන්නේ රටේ සාමාන්‍ය මහජනතාවගෙන්...
මෙයා කොහොමත් තව ටික දවසකින් කජ්ජ ගහනවා ඉතිං ඔය මොකාවත් ඩ්‍රෝන තියා රතිඤ්ඤා කරලක්වත් මෙයා වෙනුවෙන් නාස්ති කරන්නේ නෑ. උද්දච්ච මානසිකත්වය නිසා මුන්ට තාම මහජන මුදල් කාබාසිනියා කරන්නමයි ආස. අවලංගු චරිත වෙනුවෙන් අපි ගෙවන බදු නාස්ති කරනවට දැඩිව විරුද්ධ වෙමු.
මනෝජ් ගමගේ හොඳ නැද්ද ආරක්ෂාවට දැම්ම නම්.
නෑදෑයෝ නිසා හත් පොලේ ගාගත් (යුධ) නායකයා , ගරු කරනවා ඔබට, ඔහුව පරිස්සම් කරන්න .
මෙයාට පොලිස් කොස්තාපල් දෙදනෙක් හොදටම ඇති , අනිත් මහල්ලන්ට කිසිදු ආරක්ෂාවක් අවශ්‍ය නැත. මහජන මුදල් කෑවා හොදටම ඇති.
ඩ්‍රෝන්, බොම්බවලින් බේරෙන්න පුළුවන් එනමුත්, කර්මයෙන් බේරෙන්න පුළුවන් කමක් නෑ. ප්‍රභාකරන් එක්කම අපායේ තමයි...."
මේ වගේ හරකෙක් මරන්නේ කවුද
මයිනව උබලාගේ ගෙදර එක්කන් පලයන්. රට විනාශ කළ එකා හරිනම් ඉන්න ඕනේ හිරේ
එහෙම ඩ්‍රෝන එවන්න තරමට අයි එස් අයි එස් කාරයොන්ට පිස්සු නැහැ. නොකළ පාස්කු ප්‍රහාරය උන්ගෙ පිට දෑවට පලිගනී කියල වෙන්න ඇති.
"අනෙකුත් හිටපු ජනපතිවරුන් වගේ නෙමේ . මෙතුමට වැඩි ආරක්ෂාවක් ලබා දිය යුතුයි. ඒකේ විවාදයක් නෑ . එත් ආරක්ෂකයෝ එකසිය ගානක් මෙතුමට ඉන්න ඕනේ නෑ නේ. 30ක් කියන්නේ හොඳ ප්‍රමණයක්. මෙතුමගේ වයසේ හැටියට ඇති දේශපාලන කෑදරකම නවත්තලා , බනක් භාවනාවක් කරගෙන ඉන්න ඕනා කාලේ."
ආරක්ෂාව මදි නම් තමන්ගේ මුදල් වියදම් කරලා දාගන්න පුළුවන් නැතිනම් ගෙදරට වෙලා ඉන්න පුළුවන්
මට හිතෙන්නෙ මේ මනෝජ් කියන මනුස්සයා ත්‍රස්තවාදීන්ට තොරතුරු සපයනවා වාගෙයි. මහින්දගේ ආරක්ෂාව අඩුයි කියල.
මේ වගෙ අනතුරු අඟවන පුද්ගලයන් ගැන විශේෂ අවධානය යොමු කරන්න . එයාලම යමක් ප්ලෑන් කරන්න පුළුවන් .
ඩ්‍රෝන් ප්‍රහාරය හමුදාවට හෝ පොලිසියට දහස් ගණනකට වුවද පාලනය කළ නොහැක.ගුවන් ආරක්ෂක පද්ධතියෙන් පමණි. වචනයෙන් කියනවා නම්, ඔබ ඔවුන් සමඟ ගනුදෙනු කර ඇති විට එය ගැටළුවක් වනු ඇත.
කරන්න දෙයක් නැති නිසා මැද මුලන පිලිකන්නේ රස්තියාදු ගහන හාදයන්ට ඕන විදිහට රට පාලනය කරන්න බැරි බව දැන ගෙන හිටියා නම් හොදයි.
ලංකාවේ තියාගෙන ආරක්ෂාව දෙනවට වඩා කොහොමහරි රටකට පටවලා ආරක්ෂාව දීම ලාභ ඇති. මේ කල් ඉකුත්ව ගිය ආහාර.. මොන කරුමෙටද ඔතරම් ආරක්ෂාව....
manoj gamage - ගිහින් ඔලුව පරීක්ෂා කරවගන්න .පාතාලයේ ප්‍රධාන සම්බන්දකාරයෙක් හැටියට මහින්ද ට කොහොමද තර්ජන තියෙන්නේ ?
අප්පටසිරි කිව්වලු
රටම හොරාකාලා විනාශ කරපු කෙනෙක්, ආර්ථික ඝාතකයා කියලා අධිකරණයෙන් පවා වරදකරු වෙලා. හිරේ ඉන්ඩ ඕන කෙනෙකුට ජනතා බදු මුදලින් ආරක්ෂාවක් සපයන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.
උසාවියම කිව්වනේ, රට ආර්ථික අගාධයකට ඇද දැම්මේ රාජපක්ෂවරු කියලා. කොහොමත්, දවසක රටේ මිනිස්සුන්ගෙන් ගුටිකාලා මහපාරේ මැරෙනවට වඩා, මිනිහගෙන් අගතියට පත්වෙච්චි කෙනෙක්ගෙන් මැරෙනවා හොඳයි.
යුද්දෙන් සුද්දේ දීලා මිනිමරු කොටි මස් වැද්දෝ රෙද්ද අස්සේ දාගෙන හිටපු මහින්දයව ආරක්ෂා කරන්ඩ වෙන කවුරුවත් මොකටද? බත් බැලයෝ ටික ඉන්නේ?
පාතාල තර්ජන කියන්නේ පාතාලයින් වැඩ අරගෙන තියෙනවා කියලා කියන එක නේද?
හිටපු ජනාධිපතිතුමා හෙනරාජ තෛලය පැළඳගෙන ඉන්නේ. මිසයිලයක්වත් වදින්නෑ. ආරක්ෂාව දාලා තියෙන්නේ එතුමාගෙන් මිනිස්සුන්ට මොනවා හරි වෙයි කියලා. ඉතින් ආරක්ෂාව අඩුකළොත් අපිටමයි අනාරක්ෂාව.
ලොකුම පාතාලයා තමයි වම්බොට්ටා... ජූලම්පිටියේ අමරේ...?