IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සහල් ආනයන අවසර කාලය දිගු කරයි

(අංජුල මහික වීරරත්න)

සහල් ආනයනය / ප්‍රසම්පාදනය සඳහා අනුමැතිය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දේශීය වෙළෙඳ පොළේ පවතින සහල් හිඟය හේතුවෙන් 2024 - 12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දෙන ලද අනුමැතිය පරිදි සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. 

එසේම, ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවයෙන් තොරව 2024-12-20 දින දක්වා සහල් ආනයනය කිරීම පිණිස පෞද්ගලික අංශයේ ආනයන කරුවන්ට ද අවසර ලබා දී ඇත. 

දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය 2025 ජනවාරි මස අවසානය දක්වා පැවතීමට ඉඩ ඇති බව නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවයෙන් තොරව පුද්ගලික අංශයේ ආනයන කරුවන්ට සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇති කාලසීමාව 2025 -01-10 දින තෙක් දීර්ඝ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

සහල් ආනයන අවසර කාලය දිගු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site