
(ගයාන් සූරියආරච්චි, ආනන්ද ඊ ජයකොඩි සහ තිලකරත්න දිසානායක)
යක්කල, කොස්කදවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට අද (23) වෙඩි තබා පලාගොස් ඇති බව වීරගුල පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් පසුව බරපතළ තුවාල ලබා පාරේ වැටී සිටි පුද්ගලයා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
එම පුද්ගලයාට විනෝද චාරිකාවක් යෑම සදහා දුරකතන ඇමතුමක් ලබාදී යක්කල කොස්කදවල ප්‍රදේශයට ගෙන්වාගෙන ඇති අතර ඔහු බස්රථයෙන් බැස යන විට මෙම වෙඩි තැබීම සිදුකර ඇතිබවට තොරතුරු අනාවරණය වී ඇත.
වීරගුල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ ස්ථානීය පරීක්ෂණ නිලධාරීහු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදුකළහ
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි වීරගුල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයකොඩි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධවලට වගකිවයුතු සිරගතව සිටි පුද්ගලයින් නිදහස් කිරීමෙන් පසු නැවත රට තුළ මිනීමැරුම් වැඩි වී ඇත...
අපිට දුකයි අපේ ආණ්ඩුවත් පාතාලයට යටවෙලාද කියලා...