
(සිතුම් චතුරංග )
මුහුදේ පාවෙමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 14 යි ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් මුලතිව් මුහුදේදී ඊයේ (22) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.
මුලතිව් ධීවරයින් පිරිසක් යම්කිසි හදුනානොගත් ටින් එකක් වෙරළ අාසන්නයේ පාවෙමින් තිබියදී එය සැක සහිත බැවින් පොලිසිය වෙත කළ දැනුම්දීමක් මත එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවු බව පොලිසිය පවසයි.
නෞකාවකින් මෙම පුපුරණ ද්‍රව්‍ය වැටෙන්නට අැති බවට සැක පළ කරන අතර පුපුරණ ද්‍රව්‍ය පිළිබද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd