(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සර්වජන බලය පක්‍ෂයේ සාමාජිකත්වය අද (23) ගත්තේය.
එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඔහුට පක්‍ෂ සාමාජිකත්වය පිරිනමා සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයට ද පත්කළේය.
එස්. එම්. චන්ද්‍රසේන මහතා 2001 වසරේ සිට 2024 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ අතර ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු කිහිපයක් දැරීය.
ඔහු පසුගිය මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එකතු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලිත්ට පාර්ලිමේන්තුවට යන්න මිසක් ආණ්ඩු බලය ගන්න අටවා ගත්ත සන්ධානයක් නම් නෙමෙයි ඕක.
යන එනමං නැතිව ගියාම ගොඩ වෙන්න පුළුවන්. ඔය කොයි එකත් පිළිසරණක්.
දිලිත් නගර සභා වැඩ භාරගෙන වගේ. ඔක්කොම කුණු ටික දිලිත් ගාවට.
හපොයි දිලිත්, ජෙප්පන්ටත් අන්ත මෙවන් උන්දලා සමඟ මොන ව්‍යවසායක රාජ්‍යක් ද? මහින්ද මහතා වැනි ප්‍රතාපවත් සහ ප්‍රායෝගික නායකයකුටත් වදයක් උණු මෙවැනි අය ලං කරගෙන කොහේ යන්නද?
මැක්ස් තමුන්ට ලෙඩක්, ජෙප්පො එක්ක ඇරියස් නම් මේ වගේ හොරු එක්ක සසඳන්න එපා, එතකොට තමුන්ලගෙ මෝඩකම රටට හෙලිවෙනවා.
දවසින් දවස තිරිහන් වෙනවා වගේ. කරපු දේකුත් නෑ. නම්බු කාර විදියට දේශපාලනෙන් පෙන්ෂන් යන්නේ නැතුව හිඟමනේ යනවා...
මීතොටමුල්ල කුණු කන්ද මීටවඩා වටිනවා.
මහ මැතිවරණෙට කලින් එස්.එම්. චන්ද්‍රසේන ගත්තා නම් දිලිත්ට ජාතික ලැයිස්තු ආසනේත් නෑ...